🖤Chpter 22🖤

587 132 61
                                    

එසැනින් ක්‍රියාත්මක උන ලීසා පියතුමා අතබෝතලය තිබ්බා........බෝතලයෙන් ශුද්ද වූ ජලය අතට ගත්තු පියතුමා ජන්ග්කුක්ගෙ ඇගට ඉහින්න ගත්තා.........ඒ ඉහිනවත් එක්කම අසාමාන්‍ය විදිහට කෑ ගහගෙන නැගිටපු ජන්ග්කුක් ඔලුවත් පහලට හරවන් කිසිම හෙලවීමක් නැතුව හිටියා............

📿 ඇයි මේ දරුවට වද දෙන්නෙ......මේ දරුවට පාඩුවේ ඉන්න දෙන්නෙ නැද්ද......

පියතුමා ජන්ග්කුක්ගෙ ඇගට ශුද්ද වූ ජලය ඉහින ගමන් ප්‍රශ්න කරන්නෙ ගත්තා.....ඒත් කිසිම ප්‍රතිචාරයක් නොදක්වපු ජන්ග්කුක් ඒ විදිහටම හිටියා.......ජන්ග්කුක්ට හොදටම දාඩිය දාලා මුලු ඇගම දහඩියෙන් තෙත් වෙලා....දහඩියෙන් තෙත් උන කොණ්ඩෙ මූණට වැටිලා ගෙනල්ලා දුන්නෙ තරමක් බය හිතෙන ස්වරූපයක්........ජන්ග්කුක්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා පියතුමා නැවතත් යාතිකා කරන ගමන් ජන්ග්කුක්ට ශුද්ද වූ ජලය ඉහින්න ගත්තා.......ඒ ඉහිනවත් එක්කම සහ යාතිකා කරනවත් සමගම ජන්ග්කුක් තමන්ගෙ ඇග අසාමාන්‍ය විදිහට කරකවමින් වියරුවෙන් කෑගහන්න ගත්තා..........පියතුමා දිගටම තමන්ගෙ වැඩේ කරගෙන ගියා..........මුලු පරිසරයම මූසල පාටින් වැහිලා.....මේ දේවල් බලාගෙන හිටපු ලීසාගෙ ඇස් වලට කදුලු ආවෙ ජන්ග්කුක් මේ දේ නිසා විදින දුක දැකලා...........

📿 දරුවනේ......ඕගොල්ලොත් මා එක්ක යාතිකා කරන්න.........

පියතුමා කිව්ව විදිහටම කට්ටියම එකට හයියෙන් යාතිකා කරන්න ගත්තා......මේ දේ නිසා වියරු වැටුන ජන්ග්කුක් කෑගහන්න ගත්තා..........

නවත්තනවා...........ඕක නවත්තනවා.........

ඕක නවත්තනවා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
🖤❤️To The Dark Side❤️🖤[completed]Tempat cerita menjadi hidup. Temukan sekarang