🖤Chapter 16🖤

816 159 146
                                    


මම ආවා........උඹලගෙ අවසානෙ හොයාගෙන මම ආවා............⛏️⚰️👻

.

.

.

මේ මහ රෑ දැනුන සීතලත් එක්ක කුකී ටේගෙ තුරුලට තවත් තුරුලු උනේ ටේගෙ උණුසුම හොයන ගමන්.....ටේත් කුකීව තමන්ගෙ තුරුලට තුරුලු කරගන්න ගමන් හොද නින්දකට වැටුනා.....ඒත් මේ වෙලාවෙ පහල තට්ටුවේ වෙන්නෙ මොකද් ද කියලා කිසිම දෙයක් නොදන්න මේ දෙන්නා මේ විදිහට නිදාගෙන හිටියට ඉදිරියේදි ලොකු විනාසයක් වෙනවා කියලා කිසිම අදහසක් මේ දෙන්නා ගාව නැති නිසා.....

මේ අතරෙ පහල තට්ටුවේ ලීසාගෙ කාමරේට වෙලා ගැඹුරු නින්දක හිටපු හොබී එක පාරටම ඇහැරුනේ තමන්ට දැනුන දරාගන්න බැරි සීතල නිසා.......

Hobi's prov :

හම්මෝ......මාර සීතලක්නෙ......

මෙහෙම හිතන ගමන් ඇහැරුන හොබී අදුරෙම ගිහින් කාමරේ තිබ්බ හීටරේ ගාවට ගියෙ එයාට නිදාගන්නකොට ඒක දාන්න අමතක වෙලා ඇති කියලා හිතාගෙන......ඒත් හීටරේ ලගට ගියපු හොබීට දැනුනෙ හීටරේ ඔන් කරලා තියෙන බව.......

ම්වෝ......හීටරේ ඔන් කරලද තියෙන්නෙ....එතකොට මොන කෙහෙල් මලකටද මෙච්චර සීතල....

හීටරේ ඔන් කරලා නිසා පුදුම උන හොබී වට පිට බැලුවෙ කොහෙන්ද මේ සීතල එන්නෙ කියලා බලන්න....එතකොටයි හොබී දැක්කෙ කාමරේ එක ජනේලයක් ඇරිලා තියෙනවා කියලා......

ආශ්.....ජනේලයක් ඇරිලනෙ රෙද්ද.....මාර සිහියක් මටත් තියෙන්නෙ......ඇයි මං මේක වැහුවෙ නැත්තෙ......

ඒත් ටික වෙලාවකින් හොබීට මතක් උනේ එයා රෑට කාලා ඇවිත් රූම් එකට ආව ගමන් ජනෙල් සේරම වහලද කියලා බැලුව වග......

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now