🌻EP 6🌻

532 112 18
                                    

කොච්චර අමතක කරලා හිටියත් ජන්කුක්ව මතක් වෙද්දී මගෙ ඇස් වලට ඉබේම කදුලු එනවා....මගෙ ඇස් වලින් කදුලු එද්දි ජිමිනා මාව බදාගත්තා...මට එයාගෙ තුරුලේ දැනුනේ පුදුම ආරක්ශාවක්....නිදහසක්....

ඔය විදියට කාලය ගෙවිලා ගියේ යාලුවො විදියටත් වඩා ආදවන්තයන් විදියට අපිව එකතු කරමින්...එදා සිද්ධියෙන් සති 2කට විතර පස්සෙ ජන්කුක් , ජින් දෙන්නම වෙන ස්කූල් එකකට ට්‍රාන්සර් උන හින්දා මට ජන්කුකව අමතක කරන්න අමාරු උනේ නැ....ජන්කුක් නිසා නැති උන සතුට ජිමින් මට ආයෙත් ගෙනත් දුන්නා...

ඊට සති 5කට පස්සේ අපි හයිස්කූල් ලාස්ට් එක්සෑම් එක තිබ්බා....මගෙ ආසව ඩොක්ටර් කෙනෙක් වෙන්න...ජිමිනිත් පොඩි කාලෙ ඉදන්ම සිගින් වලට ආසයි...ඉතින් අපි දෙන්නගෙම හීනේ උනේ සෝල් යුනිවර්සිටි එකට ඇතුලත් වෙන්න...අපි දෙන්නම මහන්සි වෙලා එක්සෑම් හොදට කලා...අපි දෙන්නම සෝල් යුනි එකට සිලෙක්ට් උනත් අපේ දෙමාපියන්ගෙ යෝජනාව නිසා එක්සෑම් එකෙන් මාසෙකට පස්සෙ අපි මැරි කරලා...හයර් ස්ටඩීස් වලට ඇමරිකා ගියා...
පරණ හැමදේම අමතක කරලා අපි එහේ අපේ අලුත් ජිවිතේ පටන් ගත්තා...අවුරුදු 4කට පස්සෙ අපි අපේ හීන හැබෑ කරගත්තා මං දැන් ඩොකටර් කෙනෙක්...එයා දැන් වර්ල්ඩ්ෆේමස් සිගර් කෙනෙක්...අපේ ජොබ්ස් එක්ක අපි දෙන්නම ගොඩක් බිසී..
ඒත් අපි හරිම සතුටින් හිටියා...කොච්චර කාර්‍යබහුල උනත් අපි අපි වෙනුවෙන් කාලය වෙන්කලා...
දවසක් මං හොස්පිට්ල් එකේදි අවුරුදු 3ක විතර පුංචි ගැනු ලමයෙක්ව දැක්කා...එයාව කවුරු හරි හොස්පිට්ල් එකට ගෙනල්ලා අතරමං කරලා ගිහින් මං හිතන්නේ...අපි කොච්චර හෙව්වත් එයාගෙ භාරකාරයෙක් හොයාගන්න බැරි උන නිසා ජිමිනායි මායි එයාව භාරගත්තා..ඒ විදියට තමා අපේ රෝස මල පාර්ක් ජන්ග් චෙන් අපි ළගට ආවේ...එදා ඉදන් මගෙ වැඩ තවත් වැඩි උනා..අපේ පවුලේ සතුටත් වැඩි උනා...කොච්චර වැඩ වැඩි උනත් මං මේ ජිවිතේට ආසයි..දැන් මට ඒ දෙන්නා නැති ජිවිතයක් ගැන හිතන්නවත් බැරි තරම්...කාලය හැමදේම වෙනස් කලා...අපේ ජිවිත සතුටින් පිරෙව්වා...මේ අවුරුදු 6 පුරාවටම අපි කොරියාවට නොගියත් අපි දෙන්නාගෙ පවුලේ අය අපිව බලන්න අවුරුද්දකට විතර වතාවක් ආවා...ඒත් ජිමිනිට ලොකු ආසාවක් තිබ්බා චූටි ජන්ග් චෙන්ට අපේ රට පෙන්නන්න ඒකයි අවුරුදු 6කට අපි කොරියාවට එන්න තීරණය කලේ...

• Flashback End •

"වයිෆිඊඊඊඊඊඊ...."

"අහ් ආව ද...කෝ අනේ හියුන්ලා තාම ආවේ නෑනේ..."

අවුරුදු 6කට එහා දුවපු මගෙ මනස පියවි සිහියට ආවේ ජිමි ඇවිත් මගෙ කන උඩ හූ තියද්දී...

"මං කොෆි ගේන්න ගිය අතරේ කෝල් කලා එයාලා ඇවිත් ඉන්නෙ කියලා...කෝ දෙන්න බේබි මං ගන්නම්...අහ් මේක බොන්න..."

ජිමි එයාගෙ අතේ තිබ්බ කොෆි එක මට දීලා බේබිවයි එයාගෙ බෑග් එකයි අරන් ඉස්සර උනා...

(A/N:ජිමින් මාස්ක් දාන් ඉන්න නිසා එයා අයිඩල් කෙනෙක් කියලා අදුරගන්න බැ අනිත් අයට...😷😁)

- YO -

💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,

ඔන්න අද ඩබල් අප්ඩේට් දුන්නා...😷😌

✿SORRY✿ |•JIHOPE•|•HOPEKOOK•Where stories live. Discover now