🌻EP 20🌻

669 110 134
                                    

දැන් කොයි වෙලාවෙ බැලුවත් කුති...කුති කිය කිය එයාගෙ පස්සෙන්මයි...එයත් චෙනි....චෙනි කිය කිය අපෙ එක්කෙනා එක්කමයි...

බැල්කනි එකට වෙලා ගාඩ්න් එකේ සෙල්ලම් කර කර ඉන්න පැටව් දෙන්නා දිහා බලන් කල්පනා කර කර හිටිය මාව එකපාරටම ගැස්සුනේ ජිමින්ගෙ ශක්තිමත් දෑත් මගෙ ඉන වටේ එතෙනවා දැනුන නිසා....එයාගෙ තොල් මගෙ කන්පෙත්තේ ගැවෙනකොට මගෙ ඇගෙ හිරිගඩු පිපුනා...

"වයිෆි....."

"හ්ම්ම්..."

"කිස් එකක්...මේ වැඩ හින්දා කාලෙකින් කිස් එකක් ගන්නත් බැරි උනා...😁"

මං එයාගෙ ශක්තිමත් අත් අතරින් එයාගෙ පැත්තට හැරිලා එයාගෙ තොල් වලට පෙක් එකක් දුන්නා...

එයත් මගෙ නලලට කිස් එකක් දුන්නා...

"ජිමී..."

"ම්ම්ම්ම්ම්..."

"මට දැනෙන්නේ මං දැන් සම්පූර්ණයි කියලා...මට දැන් ආදරනීය හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා...ශෝක් පැටව් දෙන්නෙක් ඉන්නවා...දන්නවා ද ජිමී අපේ කුකීව දකිද්දි මට මතක් වෙන්නෙ අපේ ජන්කුක් හියුන්මයි...මගෙ ප්‍රාර්ථනාවත් ඉශ්ට උනා...එයා දරුවෙක් විදියට හරි අපි ළගට ආවානේ....ඉතින් දැන් හැමදේම සම්පූර්ණයි..."

"මටත් එහෙමයි....හැමදේම වෙන්න තියෙන හොදම විදියට විසදුනා...මටත් ගොඩක් සතුටුයි වයිෆි....පොඩි හරි දුකකට තියෙන්නේ තව සතියකින් අපිට ආයේ ඇමරිකා යන්න වෙන එක ගැන...😕😒"

"ජිමී...."

මං ජිමින්ගෙ කරවටෙ අත් යවලා එයාට තවත් ලංඋනා...

"අපි මෙහෙ නවතිමු...😁 ආයේ යන්නෙ නැතුව...."

"ඔයා ඔය ඇත්තටම ද කියන්නේ...ඔයා කැමති ද වයිෆි මෙහේ ඉන්න...🥺😯"

"ඔව්...මං කැමති...අනික යුන්ගි හියුනුත් දැන් ප්‍රෙග්නන්ට් නේ...අනේ අපි ඉමුකෝ ජිම්...😁"

"අනේ දෙයියනේ ඉමු ඉමු...මට නන් මාර හැපි...."

ජිමී සතුට වැඩිකමට ද මන්ද මගෙ තොල් වලට පෙක් එකක් දිලා මාව තදින් බදාගත්තා...

"හුම්ම ගන්න බැ ජිමී..."

ජිමී එකපාරම මගෙන් ඈත් උනා..

"අනේ සොරි බබා සතුට වැඩිකමට මගෙ සිහියත් නැති උනා..😅"

"😅.....ජිමී......මට නන් ජොබ් එක මෙහෙට ට්‍රාන්සර් කරගන්න පුළුවන්...ඒත් ඔයාගෙ මියුසික් වැඩ...?"

"ඒවා මං බලාගන්නම් මැනික...😁😘"

හිනාවෙවි හිටිය ජිමින් එකපාරටම හිනාව නවත්තලා අමුතු මූනක් හදන් මං දිහා බැලුවා...

"මැනික....ඔයා මෙහෙ හිටියා කියලා ආයේ පරණ දේවල් ගැන හිතලා විදවන්නෙ නෑ නේද..."

"නැ ජිමී...මං සතුටින් ඉන්නේ...මං ඒ දේවල් අමතක කලා...ඒ හැමදේම අතීතය විතරයි..."

මං ජිමින්ගෙ පපුවට ළංවෙද්දි එයා මාව ආදරෙන් තුරුල් කරගත්තා...

"වයිෆි ඒ හැමදේම අපි අතීතයට භාරදීලා අපේ ජිවිත වලට ලස්සන වර්තමානයකුයි අනාගතයකුයි මේ සෝල් අහස යටදි ගොඩනගමු..."

මං ඔලුව උස්සලා ජිමී දිහා බලලා 'ඔව්' කියන්න ඔලුව වැනුවා...එයා මං දිහා බලලා හිනාවෙලා එයාගෙ රෝස පාට දෙතොල් වලින් මගෙ දෙතොල් අල්ලගත්තේ එක්වරම හීනී පොද වැස්සකින් සොබාදහම ද අපේ ආදරයට ආශිර්වාද කරද්දී...

~ END ~

අදුර අතරින් ගලා ආ
සද කිරණ
අහස් කුස සිපගන්න
විසල් ගොඩනැගිලි පිරි
සෝල් නගරය
එලිය ගන්වයි අදත්
එදා වාගෙ දෑත් පටලන්
පියමනිමු අපි
මතු බවෙත්
සීතලේ මල් පියලි ඉහිරුන
නිසල හන් ගග
අසබඩින්

(ජන්කුක් හියුන්ගෙ හෝසෝ බේබිට....😊)

💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,

හැම කලු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවාලුනේ...

අන්තිම ටික ආවෙ කොහොමද කියලා මටම හිතාගන්න බැ
පෙන්ස්...
මං ආසාවෙන්ම ලිව්ව කතාව අදින් ඉවරයි...😁
කතාව එක්ක රැදිලා හිටිය හැමෝටම ගොඩාක් ස්තූතියි...🌻❤
අමතක නොකර කතාව ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න..

පරිස්සමෙන් ඉන්න....
Bye...♥️

- YO -

✿SORRY✿ |•JIHOPE•|•HOPEKOOK•Where stories live. Discover now