🌻EP 13🌻

447 107 34
                                    

දෙයියනේ...අවුරුදු කීපෙකට කලින් මං මගෙ මුලු ජිවිතේම කරන් ආදරේ කරපු කෙනා...මගෙ ආදරනීය ගුරුවරයා...ජන්කුක්...ජ්‍යන් ජන්කුක්...

මටත් නොදැනි මගෙ කදුලු කම්මුල් දිගෙ පහලට වැටුනා...

"ජන්කුක්..."

කදුලු අතරෙන් මට ඉකිගැහුනා...

මං මේ දකින්නෙ ඇත්තක් ද...කොහොමද එහෙම උනේ...ජින් නිසාද....දෙයියනේ මට පිස්සු වගෙ..

මං දෝතින්ම ඔලුව බදන් ඇඩුවා...ටිකකින් මගෙ ඔලුවට වෙනදට දැනෙන සුපුරුදු උනුහුම දැනුනා...ජිමින්....ජිමින් මං ලගට ඇවිත් මගෙ ඔලුව අතගානවා...

"මැනික මට ඔයා කියන්න ලොකු කතාවක් තියෙනවා...ඔයාගෙ හිතේ ඔය තියෙන හැම ප්‍රශ්නයකටම ඒක ඇහුවම උත්තර හම්බෙයි...."

අඩන අතරේ මට එයාට උත්තර දීගන්න පුළුවන් කමක් තිබ්බෙ නැ...මං ' කියන්න ' කියලා හිසින් සන්කලා..කියන්නේ මොනවා වගෙ දෙයක් උනත් ඒක ජන්කුක්ට සම්බන්ධ දෙයක් කියලා තේරුම් ගන්න මට වැඩි වෙලාවක් ගියෙ නැ...

"ඔයාට මතකද එදා ඔයා මගෙන් මං ඔයාට ආදරේ ද කියලා ඇහුව දවස.....ඒ සිද්ධියෙන් පස්සෙ මං ගොඩක් අවුල් වෙලා හිටියේ...ඊට සතියකට පස්සෙ මං ෆ්‍රී උන ගමන් බීච් එකට ගියා ටිකක් හිත නිදහස් කරගන්න හිතන්..."

•Flashback•
(Jimin POV)

එදා හෝසෝක් එක්ක රන්ඩු උනාට පස්සෙ මං හිටියේ ගොඩක් හිතේ අවුලෙන්..
කිසිම වැඩක් කරන්න හිත දුන්නෙ නැ...අඩුම තරමේ මං මේ ටිකේ හරියට ස්කූල් ගියෙත් නැ හෝසෝක්ගෙ මූන දෙන්න බැරි නිසා...ෆයිනල් එක්සෑම් ළග හින්දා හියුනුත් මේ ටිකේ මට බනිනවා මං පොතක් අල්ලන්නෙ නැ කියලා...
මේ හැම ප්‍රශ්නයක්ම මට අමතක කරවන්න පුළුවන් එකම තැනකට විතරයි...ඒ බීච් එක...ඒ හින්දා මං හියුන්ට වැඩවලටත් උදව් කරලා 10ට විතර බීච් එක පැත්තට ආවා...

මං එතන තිබ්බ බෙන්ච් එකකින් වාඩි වෙලා වෙරලේ සෙල්ලම් කරන ළමයි දිහා බලන් හිටියේ...මට මතක් උනේ මගෙයි හෝසෝක්ගෙයි පුංචි කලේ...ඒ කාලේ අපි කොච්චර රන්ඩු උනත් ආයෙ තත්පරෙන් යාලු උනා..ඒත් මේ ආදරයක් නිසා අද මට එයාවගෙන් ලැබුන යාලුකමත් නැති වෙලා...හැමදාම පොඩි ලමයෙක් වගෙ ඉන්න පුළුවන් උනා නම්...මේ ප්‍රශ්න එකක්වත් නෑනේ...පුංචි කාලේ වගෙ හිතට බරක් නැතුව සැහැල්ලුවෙන් සතුටින් ඉන්න ආසයි...ඒත් අපි වයසින් මුහුකුරා යද්දි එන ප්‍රශ්න එක්ක මොන සැහැල්ලුවක් ද...

මාව එකපාරටම ගැස්සුනෙ මගෙ උරහිසට දැනුන ස්පර්ශයෙන්...

"ජිමින්..."

ජන්කුක්....මේ මනුස්සයා මොකද මෙතන කරන්නේ..මට බනින්නවත් ද දන්නැ ආවේ...බලමුකෝ

"සර්...😊"

"මොකද මෙතන..."

"නිකන් සර්...🙂"

"සර් කියන්න එපා බන්...වෙනදා වගෙ හියුන් කියන්න...ස්කූල් එකේදී සර් කිව්වම ඇති..🙂"

"😊"

ජන්කුක් මට බෙන්ච් එකේ මට විරුද්ධ පැත්තේන් වාඩි උනා..

"හම්බුන එක හොදයි...මට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියෙනවා..."

"හියුන් කියන්නේ යන්නේ.......එදා සිද්ධිය ගැන නන් ප්ලීස් අපී ඒක කතා නොකර ඉමු...😑"

"ඒකටත් සම්බන්ධයි...හැබැයි මේ වෙන දෙයක්....මට ඔයාගෙන් දෙයක් දැනගන්න ඕන...."

"හ්ම්..අහන්න හියුන්..."

"හදිස්සියෙවත් ඔයාට හෝසෝක්ව ඔයාගෙ කරගන්න ලැබුනොත් ඔයා මොකද කරන්නේ....අයි මීන් ලවර් විදියට...හෝසෝක්ගෙත් කැමැත්තෙන්..."

"ම්ම්ම්ම්ම්ම්ම්ම්....එහෙම එකම එක අවස්ථාවක් හරි ලැබුනොත් මං එයාව සදහටම මං ගාව තියාගන්න ආසයි හියුන්...හැබැයි එයාත් කැමති නන් විතරක්...එයාව සතුටින් තියන්න ඕනම දෙයක් කරනවා මං...එයාගෙ සතුටට වඩා වටින දෙයක් මට මේ ලෝකේ නැ හියුන්...මං ආසයි එයත් එක්ක එකතු වෙලා අපි දෙන්නගෙම හීන හැබෑ කරගන්න...එයත් එක්ක එකතුවෙලා අපේ ලෝකේ, අපේ අනාගතේ ගොඩ නගන්න...මං ආසයි එයා එක්ක ලස්සන ජිවීතයක් ගතකරන්න...ඕනම ප්‍රශ්නයකදී වෙන් නොවී එකට ඉන්න... හැමදාම මං හීන දැක්කා හියුන්...ඒත් ඒවා හීනම විතරයි...😔"

"ඒවා හීනම වෙන්නෙ ඔයා ඒ වෙනුවෙන් මුකුත්ම නොකරොත් ජිමින්...ඔයා එයාට කොච්චර ආදරෙයි ද කියලා මං ඔයාගේ ඇස්වලින් අනන්තවත් දැක්කා...දැන් ඔයාට අවස්ථාව තියෙනවා...ඔයා උත්සාහ කරන්න...ඔයාට පුළුවන් එයාගෙ හිත දිනාගන්න...මං ගැන හිතන්න එපා..මං එයාගෙන් ඈත් උනා..."

- YO -

💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,
මෙතන ඉදන් දුකයි තමා...😌
අද නොදී ඉන්න හදලත් ආයේ දුන්නා ඉතින්...😁
දුස්ට වෙන්න බෑනේ.

@Crazy_Snow_Flower

පරිස්සමෙන් ඉන්න
Bye...❤

✿SORRY✿ |•JIHOPE•|•HOPEKOOK•Where stories live. Discover now