🌻EP 7🌻

525 109 60
                                    

අපි එයාපෝට් එකෙන් එලියට එද්දි ජිමිගෙ හියුන් ටේයි එයාගෙ හස්බන්ඩ් යුන්ගියි අපි ගෙනියන්න ඇවිත් හිටියෙ...
අපේ චෙන් නම් යුන්ගිව දැක්ක ගමන් ගිහින් අතේ එල්ලුනා...චෙන් යුන්ගි එක්ක හරි එකතුයි...යුන්ගි ඇමරිකා ආවම යුන්ගියාගෙ රාජකාරිය චෙන් එක්ක කනවා , බොනවා , ඇවිදින්න යනවා , නිදාගන්නවා...මාත් හරි ආසයි යුන්ගි එනවට....එතකොට මට නිදහසේ ඉන්න පුළුවන් නේ යුන්ගි චෙන්ව බලාගන්න නිසා...😅

"ටිකක් පරක්කු උනා අනේ ට්‍රැෆික් නිසා...😁 ඉක්මනට යන් අම්මාලා බලන් ඉන්නෙ ඔයාල එනකන්..."

ටේ බොක්සි ස්මයිල් එක දාන ගමන් ජිමි එක්ක එකතු වෙලා අපේ බෑග්ස් වෙහිකල් එකට දාලා අපිවත් එක්කන් ආවේ ජිමින්ලගෙ ගෙදර...
ඒ වෙද්දී අපේ අම්මලත් එහෙ ඇවිල්ලා...මං එයාලව දැක්ක ගමන් දුවගෙන ගිහින් බදාගත්තා...මාස කීයකට පස්සෙද එයාලව දකින්නෙ...එයලත් එක්ක ටික වෙලාවක් ඉදලා ලන්ච් අරන් ටිකකින් අම්මාලා ගියාට පස්සෙ අපි චේන්ජ් කරගන්න රූම් එකට ගියා...

මං බේබිව වොශ් කරලා නිදි කරවලා...මාත් වොශ් දාන් බැල්කනි එකට ගියේ ටිකක් නිදහසේ හුස්ම ගන්න...මං දැක්කා ජිමී ටේ හියුන් එක්ක ගාඩ්න් එකේ ඇවිද ඇවිද තාම කතා කරනවා...මං බැල්කනි එකේ ඉන්නවා දැකලා ජිමි මට වින්ක් කරලා ෆ්ලයින් කිස් එකක් දුන්නා...
මෙච්චර වෙලා අනිත් අය එක්ක හුරුතල් වෙවී හිටිය මං ඉන්නවද කියලාවත් බැලුවේ නැ...දැන් එනවා බොරුවට නැලවෙන්න...හිටපියකො මං කරන්න හොද වැඩක්...
එයා පල්ලෙහා ඉදන් විකාර කරනවා මං ඩෝන්ට් කෙයා සීන් එකේ ටිකක් ඉදලා රූම් එකට ආවා...මං දැක්කා ටේ හියුන් ජිමින්ට විහිළු කලා හොද වැඩේ කියලා..😅 පව් අහිංසකයා...
මං රූම් එකේ තිබ්බ පුටුවට වෙලා ෆෝන් එක ඔබ බලන් හිටියෙ අපෙ ජිමිස්සි එනකන්...😂මොකද මං හොදටම දන්නවා මං එයාව ගනන් ගන්නෙ නැතුව හිටියම එයාට තරහා යනවා රිදෙනවා කියලා...එතකොට එයා පුපුර මං ලගට එනවා...
මං හිතුවා වගෙම විනාඩි 10ක් යනත් කලින් ජිමි රූම් එකේ...මට පේන්න හෝ ගලා සද්දෙට බඩු එහෙන් තියනවා මෙහෙන් තියනවා...හොරෙන් මගෙ රියැක්ශන් එක බලනවා....එකම යුද්ධයක්...😅
මං මගෙ පාඩුවෙ ෆෝන් එක ඔබ ඔබම හිටියා...

ටිකකින් එයා ටවල් එකත් අරන් වොශ් රූම් එකට රිංගගත්තා...මං හිර කරන් හිටිය හිනාව බකස් ගාලා පිටකලේ ඒ වෙලාවේ...පැයක් විතර
නාලා එයා ආවට පස්සෙ අපි ඩිනර් වලට පහලට ගියා...එයායි මායි තාමත් කතා කලේ නැ...මං බේබිට කෑම කවලා නිදි කරවලා..මාත් කාලා ඇවිත් කලින්ම නින්දට වැටුනා...

- YO -

        💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,

හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට හිකි...හිකි....😁
ඊලග එකෙන් හම්බෙමු...

පරිස්සමෙන් ඉන්න
Bye..♥️

- YO -

✿SORRY✿ |•JIHOPE•|•HOPEKOOK•Where stories live. Discover now