🌻EP 12🌻

451 107 21
                                    

"අම්මා...අපි මේ කොහෙත නන්නෙ...ඇයි තාත්ති බැත්තේ..මාත් නන්නද...😁"

"දන්නෙ නැ මැනික...අනික ඔයා කොහෙ යන්නද... තාත්ති දැන් එයි...ඔහොම ඉන්න...🤨"

අපි උදේම යන්න පිටත් උනා...කොහෙද කියලා මං දන්නෙත් නැ...කොහෙ උනාම මොකද ජිමී එක්කනේ යන්නෙ...ටික දුරක් ඇවිත් ජිමි ෆලවර් ශොප් එකක් ඉස්සරහා නැවැත්තලා එයා බැහැලා ගියා...

"අලේ මන්දා...කමල්ලැ....එද්දිවත් තාත්තිට කිලා අයික්කීම් ගම්න ඕන..."

මං සැරෙන් කතා කරාම මට ඔරවලා පිටිපස්සට පැන්නා...තාත්තා වගේම තමා හොස්ස ලගින් මැස්සා යන්න බැ..පිටිපස්සට වෙලා මූනත් දෙක කරන් අත්බැදෙගෙන කට උල්කර කර කියෝනවා...😅

ටිකකින් මල් පොකුරකුත් අරන් ජිමි ශොප් එකෙන් එලියට ආවා...

මල්..?මං ආස මල් නෙවෙයිනේ...ඒ කියන්නේ මට නෙවෙයි...මල් අරන් කොහෙද මේ යකා යන්න හදන්නේ..මාවයි බේබිවයිත් අරන් කෙල්ලෙක්වත් බලන්න ද දන්නැ යන්න හදන්නෙ...එහෙම උනොත් නන් ඕකාව ඉහේ ඉදන් පට්ට ගහනවා මං...වල් කුකුලා...

"වයිෆි මොකෝ මේ මූන? "

මං හිතින් බනින අතරේ ජිමී වෙහිකල් එකටත් ඇවිත්...එයා මල් ටික පරිස්සමෙන් බේබිගෙ එහා පැත්තෙන් තියලා මං දිහා බලන් ඉන්නවා...

"මුකුත් නැ බබා... යන තැනක යන් ඉක්මනට.....😁"

"හ්ම්..."

පැය භාගෙක විතර ගමනකින් පස්සෙ ජිමි වෙහිකල් එක නැවැත්තුවේ සෙමෙට්‍රි එකක් ඉස්සරහ...

අපේ මැරිච්ච කවුරුත් නෑනේ...අන්තිමට මැරුනේ ජිමීගෙ ආච්චි...ඒත් දැන් අවුරුදු හත අටකට කලින්නේ...අද එයාගෙ අනුස්මරණේවත් ද මතකත් නැ...

"ඔන්න අපි ආවා...දැන් බහින්නකෝ..."

"🙄"

මං බේබිවත් වඩාගෙන වෙහිකල් එකෙන් බැස්සා...මට තාම හිතාගන්න බෑ ජිමි මොකට මෙහෙ ආවද කියලා...ජිමීත් පිටිපස්සේ සීට් එකෙන් තිබ්බ මල් ටිකත් අරන් ඇවිත් මගෙ අතින් අල්ලන් සෙමෙට්‍රි එක ඇතුලට ගියා...
ටික දුරක් ගිහින් එයා නැවතුනේ සුදු අරලිය මල් ගහක් යට...එතන තිබ්බ සොහොන උඩ මල් පොකුරු ගොඩයි...හරියට නමවත් පේන්නේ නැ...ජිමි මං දිහා බලලා මල් පොකුර මට දිලා මගෙ ලග හිටිය බේබිව එයා ලගට අරන් මට සොහොන ලගට යන්න කියලා ඇස් වලින් කිව්වා...මට මතක විදියට ජිමිගෙ ආච්චිඅම්මාගෙ සොහොන තිබ්බෙ මෙතන නෙවෙයිනේ...අනේ මන්දා..
ඕන එකක්...මං මල් පොකුරත් අරන් ජිමි දිහා ආයෙත් බලලා සොහොන ලගට ගියා...එතන තිබ්බ පරවුන මල් පොකුරු ටික මං අයින් කරා...ඒ සොහොන් කොතේ තිබ්බ නම දැක්කාම මට දැනුනේ මාව අඩි දෙක තුනක් පිටිපස්සට විසිඋනා වගේ...

- YO -

💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,
ඔන්න අද ඩබල් දුන්නා...
දැන් තමා කතාව පටන් ගන්නෙ...😎
වගකීමෙන් කියනවා ඒ මගෙ සොහොනක් නෙවෙයි...🙂😌
ඊලග එකෙන් බලමු කාගෙද කියලා...
හිකි හිකි...

පරිස්සමෙන් ඉන්න
Bye ♥️

✿SORRY✿ |•JIHOPE•|•HOPEKOOK•Where stories live. Discover now