CHAPTER 1

1.6K 127 64
                                    

"Love is so short, forgetting is so long."
"ආදරය ඉතා කෙටී, අමතක කිරීම ඉතා දිගුයි"
-Pablo Neruda....

ලොවටම රහසින් හුස්මක සුව විදින ආදර කතා කීයක් මේ ලෝකෙ මේ මොහොතෙ ආදරය විදිනවා ඇතිද
නැතිනම් ආදරය විදවනවා ඇතිද....

සරත් ඍතුවේ ඒ මේ අත විසිරෙන මාපල් කොළ මෙන් ඒ ආදරය ඔවුන්ගෙ සිත් තුල ආදරණීය විය...

"ඔයා ඇත්තටමද මේ ඉන්නෙ" ටේහ්‍යන් ජංකුක් ගෙ මුහුණ දෙස බලාගෙන ඇසුවෙ ඔහුගෙ උණුහුම සිත් සේ විදින විටදීය.

"ඇයි ඔයා එහෙම අහන්නෙ" ජංකුක් ටේහ්‍යන් ගෙ දකුණු අත පිරිමදිමින් ප්‍රේමනීය ලෙස අසාසිටියේය.

"නැහැ මට හිතෙන්නෙ මේ හීනයක් කියල" ජංකුක් ගෙ දෑස් දෙස බලමින් ටේහ්‍යන් පැවසුවේ මුලු හදවතින්මයි.

"හහා , ආදරේ ඒ කිව්ව වගේම බොළදයි නේද" තමා බලාපොරොත්තු වූ පිළිතුර වෙනුවට ටේහ්‍යන් හට ලැබුනෙ වෙනම ප්‍රශ්නයකි.

"ඔව් මම නම් බොළදයි හැබැයි මෝඩ නෑ " ටේහ්‍යන් ජංකුක් ගෙ කම්මුල මිරිකමින් පැවසුවේය.

"හම් ඔයා වගේම වෙන්නම් මමත් එහෙනම්" ජංකුක් ටේහ්‍යන් හට පිළිතුරක් දුන්නේය.

"ඒ කියන්නෙ මෝඩ නැති බොළද කෙනෙක්ද ඔයත් ආදරේදී"

"ම්ම් ඔව් මොකද ඔයාගෙ ආදරෙත් එහෙමනම් ඇයි මම විතරක් වෙනස් වෙන්නෙ" ජංකුක්ගෙ පිළිතුර එය විය.

ටේහ්‍යන් සහ ජංකුක් ඉතා ආදරයෙන් ටේහ්‍යන් ගෙ නිවසේ යහන මත වැතිර සිටියේ දෙදෙනාට දෙදෙනාව කිසිම විටෙකත් මගහැරීමට නොහැකි ලෙසය.

"අපේ fans ල දැනගත්තොත් අපි දෙන්නා date කරනව කියල ම් ම් මොනා කියයිද නේ " ටේහ්‍යන් ඉතා උද්‍යාමයෙන් ජංකුක් හට පවසා සිටියේ ඔහුට ඔවුන්ගෙ සම්බන්ධය සෑම දෙනාටම නොරහසක් ලෙස පවත්වාගැනීමට අවැසි වූ නිසාවෙනි.

"හම්මො ටේ ප්ලීස් කිසි දෙයක් කියන්න එපා දන්නවනෙ ඊට පස්සෙ කරදරේ " ජංකුක් හට එය රසිකයන් වෙත දැනගැනීම සම්බන්ධව කිසිදු කැමැත්තක් තිබ්බේ නැත ඔහු එය පැවසීමට පෙර ටේහ්‍යන් ජංකුක්ගෙ මුහුණේ සිදු වූ වෙනස් වීම් වලින් පිළිතුර තේරුම් ගත්තේය.

All Too Well | Taekook [ COMPLETED ]Where stories live. Discover now