CHAPTER 10

270 66 17
                                    

ජංකුක් ගෙන් එතෙක් කිසිදු ඇමතුමක් නොමැති වුවත් ටේහ්‍යන් ඔහුට ඇමතුමක් ගත්තේ ඉමහත් ආදරයෙනි එහෙත් ඒ අවස්ථාවේදීත් ජංකුක් විසින් ටේහ්‍යන් ගෙ දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ නැත.

සිදුවූ සිදුවීම් වලට තවමත් කෝපයෙන් ජංකුක් විසින් ටේහ්‍යන් ව මගහරිමින් ස්ටියේය.

ටේහ්‍යන් ජංකුක් ව සම්බන්ධ කරගැනීමේ උත්සහය ව්‍යර්ථ වීමෙන් පසුව ඔහුගෙ දෙමාපියන් හට ඇමතුමක් ගැනීමට කටයුතු කළේ හිත් වේදනාවන් මදකට හෝ ඔහුගෙ පවුලේ සාමාජිකයන් සමග කතා කිරීමෙන් අමතක කළ හැකි නිසාවනි.

"හෙලොව් අම්මා "

"ඕහ් ටේ ඔයා හොදින්ද අද උදේ ඉදන්ම ඔයාවයි ජංකුක් වයි හැම චැනල් එකේම පෙන්වනවා "

"ඔව් අම්මා ඊයෙ මම එයාගෙ අක්කගෙ ගෙදර ගියානෙ ඊට පස්සෙ අපි එයාලගෙ ටවුම් එකේ ටිකක් ඇවිදින්න ගියා පස්සෙ මගෙ හරි එයාගෙ ෆර් ෆෑන්ස්ලා අපේ ෆොටෝ අරගෙන " ටේහ්‍යන් සිදු වූ දෙය තම මවට පැහැදිලි කළේ කිසිදු පැකිලීමකින් තොරවය.

"ඔහ් ටේ ඔයාලා ප්‍රසිද්ධ අයනෙ ඉතින් ඔහොම දේවල් වෙනව මතකද එදා මමයි තාත්තයි හිම වලින් ඉස්සරහ මිදුලෙ සෙල්ලම් කරන එක කවුද කෙනෙක් ෆොටෝ අරන් හැම තැනම ප්‍රසිද්ධ වුනේ ටේහ්‍යන් ගෙ අම්මයි තාත්තයි තවමත් තරුණයි කියල " මීට ටික කලකට පෙර සිදු වූ හාස්‍යජනක සිදුවීමක් පිළිබද ටේහ්‍යන් ගෙ මව ටේහ්‍යන්වද සිනහගස්සමින් කීවාය.

"ඔහ් අම්මා ප්ලීස් මට මතක් වෙද්දිත් හිනා යනව " ටේහ්‍යන් හටද එම මතකය ඉතාමත් රසවත් මතකයක් විය.

ටේහ්‍යන් මේ මොහොතෙ යම් පීඩනයකින් සහ දුකින් සිටින බව ඔහුගෙ මව හට දැනුන නිසාවෙන් ඇය එවැනි හාස්‍යජනක සිදුවී මතක යළිත් ටේහ්‍යන් හා අවදි කළාය.

"අම්මා හෙට සම්මාන උළෙල ඔයයි තාත්තයි ජිමිනුයි එන්නකො ගිය පාරත් එන්න බැරි උනානෙ " ටේහ්‍යන් සිය පවුලේ සාමාජිකයන් හට ඔහුගෙ විශේෂ අවස්ථා මගහැරීම ගැන කනගාටු වන නිසා ඔහු ඔවුනට ආරාධනා කළේය.

"හෙට ජිමින් තාත්තා දෙන්නම නැහැ ටේ " ඇන්ඩ්‍රියා පැවසුවාය.

"අනෙ ඇයි ඒ "

All Too Well | Taekook [ COMPLETED ]Where stories live. Discover now