CHAPTER 20

273 58 32
                                    

ජංකුක් ගෙ මෙම නිහැඩියාව නිසාවෙන්ම කළකිරුණු ටේහ්‍යන් ඔහු හට දුරකථන ඇමතුම් ගැනීමද නතර කරන්නට වූයෙ ජංකුක් ගෙන් එම ඇමතුම් සදහා කිසිදු ප්‍රතිචාරයක් නොවුනු නිසාවෙනි.

ටේහ්‍යන් කෙතරම් ජංකුක් ගෙ හැසිරීම ඉවසා දරා සිටියද ඔහු ගැන සිතන සෑම මොහොතකම ටේහ්‍යන් ගෙ නෙතගින් කදුලක් ඉනුවේ ඔහුටද රහසිනි මේ කාලයේ ඔහුගෙන් කිසිදු ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් නොමැති වූ නිසා ටේහ්‍යන් ජංකුක් ගෙ නිවසට ගොස් ඔහුව මුණගැසෙනා බවට තීරණයක් ගත්තේ ඔහුට තවත් ජංකුක් ගෙ වෙනස්වීම දරාගත නොහැකි වූ අවස්ථාවේදීය.

ඔහු එහි යන බවට කිසිවෙකුටවත් ඔහු පැවසුවේ නැත සාමාන්‍ය ජනයා ප්‍රවාහනය කරන කුලී මෝටර් රථයකින් ඔහු ජංකුක් ගෙ නිවෙස වෙත යෑමට තීරණය කර ගත් අතර ඔහු එදින පස්වරු හයට පමණ රාත්‍රිය එලැබෙන ගොම්මනේ මෙම ගමන පිටත් වීමට තව නිවසින් පිටත් වූ අතර ඔහුගෙ නිවෙස තිබූ මාවත කෙළවරේ නවතා තිබූ කුලී රථයකට නැගගත් ඔහු එහි වූ රියදුරාට තමා කවුදැයි නොතේරෙන ලෙස මුහුණ හංගාගෙන සිටියේය.

"සර් කොහෙටද යන්නෙ " එම කුලී මෝටර් රථයෙ රියදුරා ඇසුවේය.

"ඔයා දන්නවනෙ අර නලුවෙක් ඉන්නෙ ජංකුක් කියල අන්න එහෙට යමු " ටේහ්‍යන් කීවේය.

"හහ්හා මොකො නලුවව බලන්න ආසාවෙන්ද ගියාට වැඩක් නැ එයාලගෙ හරි ගණන් සර් කලාතුරකින් තමයි දකින්න වෙන්නෙ " එම රියැදුරා පැවසුවේය.

"ආහ් එහෙමද " ටේහ්‍යන් කිසිවක් වැඩිපුර නොකියා පැවසුවේය.

"ඔව් දැන් මේ පාරෙම ඉන්නෙ ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් මම නම් ඇත්තට ඇහැටවත් දැකල නැ ආඩම්බරකාරයෙක් වෙන්නැති " එම රියදුරා තමගෙ මෝටර් රථයෙ පිටුපස සිටින්නෙ එම ඔහු පවසන ලෝක ප්‍රසිද්ධ ගායකයා බව නොදැන ටේහ්‍යන් ව දෝෂාරෝපණයට ලක් කරන්නට විය.

"නැහැ එයා ආඩම්බර නැ මම එයාව හම්බ වෙලා තියෙනව හරිම හොදයි " ටේහ්‍යන් තමන් හට ඒ තමන් බව නොදැන කුලී රථ රියැදුරාගෙන් එල්ල වූ චෝදනා බොරුවක් යැයි ඒත්තු ගැන්වීමට පැවසුවේය.

"ඇහ් ඇත්තද සර් ට කියන්න අපෙ දුවත් පුදුම ආසයි එයාගෙ සිංදු වලට හැබැයි ඇත්තටම ලස්සන සිංදු තියෙන්නෙ " එම රියැදුරා ජංකුක් ගෙ නිවෙස බලා යන අතරතුර පැවසුවේය.

All Too Well | Taekook [ COMPLETED ]Where stories live. Discover now