CHAPTER 12

265 61 18
                                    

18+ parts are included

ආදරණීය රැයක් ගත කළ ටේහ්‍යන් සහ ජංකුක් කිසිදු විඩාවකින් තොරව ඔවුන් ගෙ ආදරය රිසි සේ වින්දහ.

"හම්මො මහන්සි දැන් නම් කුකී " ටේහ්‍යන් ජංකුක් සමග නර්තනයේ යෙදී විඩාවක් දැනුනු හෙයින් ඔහු එසේ කියමින් ඒ අසල ඇති පුටුවක අසුන් ගත්තේය.

"අද ඔයාට මහන්සි නෙ සම්මාන උළෙලටත් ගියා "ජංකුක් ටේහ්‍යන් ගෙ හිස පිරිමදිමින් කීවේය.

"අපි නිදාගමු දැන් හෙට මම ෆ්‍රී ඉයත් ෆ්‍රී නේද " ටේහ්‍යන් එසේ ඇසුවේ ජංකුක් හා තව දිනයක් ආදරෙන් ගත කිරීමටයි.

"ඔව් මටත් හෙට කිසි වැඩක් නැහැ අපි හෙටත් එකටම ඉමු " ජංකුක් හටද ඊලග දිනයේ කිසිදු රාජකාරි කටයුත්තක් නොතිබ්බේය එය සැබැවින්ම ටේහ්‍යන් හට සතුටු වීමට මහගු වටිනා කාරණයක් විය.

"යමු නිදාගමු " ජංකුක් ටේහ්‍යන් ගෙ අතින් අල්ලාගෙන ඔහු සමග කාමරයට පිවිසුනහ.

ආදර කතා උසුලු විසුලු මධ්‍යයේ ඔවුන් යහන මතට වී නින්දට යෑමට පෙර සුළු වේලාවක් ගත කළේය පසුව දෙදෙනාම ඉතා සුවබර නින්දක සුව වින්දේ එකට තුරුල් වෙලාය.

දුකින් ඇරඹුණු දිනයක් වුවත් සතුටින් ආදරයේ උණුහුමෙන් එම දිනය අවසන් විය.

සීත මදනල දසත හමන අරුනෝදයක හිරු හොරෙන් බලා හිනැහෙන නිව් යෝර්ක් නගරයේ තවත් එක් සුන්දර දවසක් උදා විය.

"Good morning ටේහ්‍යන් " ටේහ්‍යන් ට ප්‍රථමයෙන් ම නැගිට ඔහු දෙස යහන මත දිගා වී බලා සිටින ජංකුක් ටේහ්‍යන් අවදි වූ සැනින් පැවසුවේය.

"Good morning කුකී ඔ ඔයා උදෙන්ම ඇහැරිලා ලෝක පුදුමයක් " ටේහ්‍යන් සිය දෑස් අඩ නින්දේ පොඩිකරමින් ජංකුක් හට පැවසුවේය.

"ආහ් එහෙම ලෝක පුදුමත් වෙනව තමන් ආදරය කරන අය තමන් ළගින් ඉන්න කොට " ජංකුක් ආදරණීය ලෙස පැවසුවේය.

"හම් බොරු මෙයාගෙ " ටේහ්‍යන් යහනේ අනෙක් පස හැරෙමින් කීවේය.

"මොනාද බොරු" ජංකුක් ටේහ්‍යන් ගෙ උරහිසට අත තියා ඔහුගෙ හරවාගත් මුහුණ දෙස බලමින් ඇසුවේය.

All Too Well | Taekook [ COMPLETED ]Where stories live. Discover now