CHAPTER 7

312 64 10
                                    

නිවෙස තුළට පිවිසුනු ටේහ්‍යන් සිය සේවකයන් සෙවුවේ ඔහුගෙ රාත්‍රී ආහාරය සකසන ලෙස පැවසීමටයි.

"Good evening ටේහ්‍යන් සර් , සර් අද රෑ කෑම ලෑස්ති කරන්නද "

"ඔව් මම ටිකක් ෆ්‍රෙෂ් වෙලා එන්නම් ඔයාලා කෑම ලෑස්ති කරන්න" ටේහ්‍යන් එසේ කියමින් සිය කාමරය වෙත ගියෙ එදින දිනයේ ඔහු විදි ආදරය නිසා සතුටින් හිනැහෙමින් ය.

සිය කාමරය වෙත ඇතුල්වුනු ටේහ්‍යන් තමන්ගෙ මේසය අසල තිබි පුටුවෙ මදක් ඉදගෙන එදින මතකයන් ඉතා කැමැත්තෙන් සිහි කරන්නට විය ඒ ජංකුක් හා ඔවු විසින් ගත් ජායාරූපද එකින් එක බලමින් ය.

ටේහ්‍යන් ගෙ දුරකථනය නාද විය...
එම ඇමතුම ඔහුගෙ මවගෙන්ය.

"හෙලෝව් අම්මා කොහොමද "

"මම හොදින් ටේ , ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ ඔයා දවල් ජංකුක් එක්ක ගමනක් ගිහින් කියල "

"කියන්න බැරි උනා අම්මා "

"හරි ඔයා හෙට එනවද මෙහෙ "

"ඔව් අම්මා මම එනව ආ මේ තව ජංකුක් මාත් එක්ක එන්නද ඇහුව එයත් ඒවි " ටේහ්‍යන් සිය මවට කීවේ සතුටිනි.

"ආ නෙ ඒක නම් හොදයි ඔයාල උදෙන්ම එන්නකො දවල්ට රෑට දෙකට කෑම කාලා යන්න පුලුවන්නෙ " ටේහ්‍යන් ගෙ මවත් සතුටට පත්ව කීවාය.

"උදෙන්ම එන්න බලන්නම් අම්මා ,බලමුකො ඒක නෙමෙ තාත්තටත් ජිමින්ටත් කියන්න එයාල වෙන වැඩ දාගෙනද දන්නෑ නේද "

"නැහැ එයාලා ගෙදර හෙට ටේහ්‍යන් " ඇන්ඩ්‍රියා පැවසුවාය.

"හරි අම්මා අපි හෙට එන්නම් " ටේහ්‍යන් එසේ ඇමතුම නතර කළේය.

ඉන්පසුව ගමන් මහන්සියත් සමග පිරිසිදුව පැමිණි ටේහ්‍යන් පහත මාළයට ගොස් රාත්‍රී ආහාරය ලබා ගත්තේය ඒ අතරතුර ඔහු ජංකුක්ටද දුරකථන ඇමතුමක් ලබාදීමට කටයුතු කළේ ආහාර ගන්නා මොහොතෙ ඔහුව මතක් වු නිසාය.

එහෙත් ජංකුක් ටේහ්‍යන් ගෙ ඇමතුමට ප්‍රතිචාර දැක් වූයෙ නැත එක් ඇමතුමකින් නොනැවතුනු ටේහ්‍යන් ඇමතුම් හතරක් පමණ ගත්තේය එහෙත් එම එක ඇමතුමකටවත් ජංකුක් ප්‍රතිචාර දැක්වූයේ නැත.

All Too Well | Taekook [ COMPLETED ]Where stories live. Discover now