CHAPTER 15

246 60 21
                                    

ජංකූක් ගෙ නොපැමිණීම නිසා දැඩි දුකකින් සහ කනස්සල්ලකින් පසු වුනත් ටේහ්‍යන් ඒ සියලු දුක හංගාගෙන සියල්ලන් සමග සතුටු වුනේ ඔහු හට වෙන කිරීමට දෙයක් නොමැති නිසාවෙනි . ජංකුක් ට පමණක් නොව ඔහුගෙ සහයක සහයිකාවන්ටද දුරකථන ඇමතුම් ලබා ගත් ටේහ්‍යන් හට ඒ කිසිදු ඇමතුමක් හා සම්බන්ධ වීමට නොහැකි විය.

ටේහ්‍යන් ගෙ උපන්දින සාදයේ කටයුතු ටිකෙන් ටික අවසන් විය පැමිණ පිරිස ද ටිකෙන් ටික ටේහ්‍යන් හට සමුදී තම තමන්ගෙ නිවෙස් බලා ගිය අතර ටේහ්‍යන් ගෙ පවුලේ සාමාජිකයන්ද නිවස වෙත ඔහුට සමුදී ගියහ අවසානයට රැදී සිටියේ ඔහුගෙ හොදම මිතුරන් සිව් දෙනා පමණයි ඔවුනද රෑ බෝ වී ඇති නිසා ටේහ්‍යන් ව සනසා ඔහු හට යම් උවමනාවක් වෙතොත් ඕනෑම මොහොතක ඔවුන් ව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න යැයි පැවසූහ.

ප්‍රීතිමත් ලෙස රංගනයක නිරත වුවද හිත ඇතුලතින් මැරි මැරී ඉපැදුනු ටේහ්‍යන් සිය නිවසේ තනි වුනේ යළිත් හඩා වැටීමට මාන බලමිනී.

සිය කාමරය වෙත පිවිසුනු ටේහ්‍යන් දොරත් වසාගෙන ඒ දොර අසලම බිම ඉදගනිමින් ඔහුගෙ හිසේ අත තියාගෙන සිදුවූ දේ පිළිබද කල්පනා කරන්නට වූයේය එහෙත් එම සියලුම කල්පනාවක අවසානයේ වූයේ දැඩි දුකක් පමණකි.

තමන්ගෙ හදවතට දැනෙනා හැගීම් වචන කරන්නට ටේහ්‍යන් දෙවරක් සිතන්නේ නැත ඔහු ජංකුක්ගෙ නොපැමිණීම පිළිබද සහ එදින සිදු වූ විවිධ අනපේක්ෂිත සිදුවීම් පිළිබද ඔහුගෙ දිනපොතේ ගීතයක් ලියන්නට විය එය විනාඩි දහයකින් කදුලු සලමින් ලීවේය.

Taylor swift විසින් ඇයගෙ උපන්දිනයට jake gyllenhaal නොපැමිණීම පිළිබද The Moment I Knew ගීතය රචනා කර ඇත.

ටේහ්‍යන් හට එම දිනය තමන් රාජකාරී වල නියැලුණු දිනයන් වලටත් වඩා වෙහෙසකර බවක් දැනුණේය ගතටත් වඩා ඔහුගෙ හිත දැඩි වෙහෙසක පසු විය ඒ බව වේදනාත්මකව පිටව ගියෙ ඔහුගෙ දෙනෙතේ කදුලක් වීලාය.

එලෙසටම තම යහන මතට ගොඩවැදුණු ටේහ්‍යන් ආයෙ ආයේ ඔහුගෙ ජංගම දුරකථනය පරීක්ෂා කරන්නට වූයේ ජංකුක් ගෙන් කිසියම් පණිවිඩයක් ඔහුට ඇතැයි සිතාගෙනය එහෙත් එහි කිසිවක් නොවුනේය.

All Too Well | Taekook [ COMPLETED ]Where stories live. Discover now