CHAPTER 8

317 71 22
                                    

"එමා ස්ටෝන් නැත්නම් අපි හම්බ වෙන්නෙ නැ " ටේහ්‍යන් ජංකුක් සමග මෝටර් රථයේ නිවෙස් බලා යන විට දී පැවසුවේය.

"ඒකනම් ඇත්ත එමා නැත්නම් ඔයාව මට හම්බ වෙන්නෙත් නැ " ජංකුක් ද ඉතා ආදරණීය ලෙස ටේහ්‍යන් දෙස බලමින් පැවසුවේය.

"එමා ගෙ Saturday night live එක දවසෙනෙ මම ඔයාව හම්බ උනෙ මාසෙකට කලින් " ටේහ්‍යන් එලෙස කියමින් ආදරෙන් ජංකුක් ගෙ අත ස්පර්ශ කරන්නට විය.

"හම් " ජංකුක් දිගු සුසුමක් සමග පැවසුවේය.

රාත්‍රී දහයයි හතලිස්පහට පමණ ටේහ්‍යන් ගෙ නිවෙස ආසන්නයට ඔවුන් පැමිණියහ.

"ඔයා යනවද " ටේහ්‍යන් ජංකුක් දෙස බලමින් ඇසුවේය.

"මම යන්න ඕනෙ ටේ මගෙ යාලුවො වගයක් හම්බ වෙන්න ඕනෙ අද රෑට " ජංකුක් කීවේය.

"හම් හරි හෙට මට වැඩක් නැ ඔයාට වැඩද " ටේහ්‍යන් ජංකුක්ව හමු වීමට කැමැත්තෙන් ඔහුගෙන් ඇසුවේය

"නැහැ ඒත් මම යාලුවො හම්බ වෙන්න ඕනෙ ටේ "

"හරි අපි එහෙනම් අනිද්දටම හම්බ වෙමු මම ආසාවෙන් ඉන්නෙ ඔයාගෙ පවුලෙ අයව මුණගැහෙන්න " ටේහ්‍යන් සැබැවින්ම ජංකුක් ගෙ පවුලෙ සාමාජිකයන් හමුවීමට දැඩි කැමැත්තකින් පසුවිය.

"මම යන්නම් Good night " ටේහ්‍යන් එසේ කියමින් ජංකුක් ට හාද්දක් ද දෙමින් මෝටර් රථයෙන් බැස සිය නිවෙස වෙත ගියේය ජංකුක් ද පිටවිය.

ජංකුක් ගෙ ආදරය හමුවෙ මේ දින කිහිපය තුළ ඉතාමත් සතුටට ටේහ්‍යන් පත්වී තිබුණේ පෙර ඔහු නොලද සතුටක් ය.

රාත්‍රිය ආහාරයද ලබාගෙන ඊට සුලු මොහොතකින් නින්දට ගිය ටේහ්‍යන් ඔහුගෙ සිතට දැනුන ආදරයේ ඉදිරිය ගැන සිහින දකිමින් සුවබර නින්දක පසු විය.

සීත සුළං මැද ආදරයේ හැගුමන් විකසිත වන සෑම මොහොතකම ටේහ්‍යන් හට ජංකුක් ව මතකෙට පැමිණියේය එලෙසම දිනයක් ගතවී ටේහ්‍යන් බලා සිටි දිනය උදා විය ඒ ජංකුක් ගෙ පවුලෙ සාමාජිකයන් හමුවන Thanksgiving දිනය බැවිනි, උදෑසනම අවදි වුනු ටේහ්‍යන් එදින් ඉතා උද්‍යෝගයකින් කටයුතු කළේය.

ටේහ්‍යන් ජංකුක් හට ඇමතුමක් ගැනීමට සූදානම් වෙත්ම ජංකුක් ඔහුට ඇමතුමක් ලබාදුන්නේය.

All Too Well | Taekook [ COMPLETED ]Where stories live. Discover now