CHAPTER 5

310 69 28
                                    

"ඔව් ඔයාල හැමෝම ගොඩක් කැමැත්තෙන් නරබන Saturday night live අදත් ඔයාල කැමතිම Celibrity කෙනෙක් එක්ක අපි පවත්වනවා " වැඩසටහනේ නිවේදකයා එලෙසින් වැඩසටහන ආරම්භ කළේය.

මේ මොහොතේදි ටේහ්‍යන් ඇබිගර්ල් සහ අනෙකුත් ආරාධිත කලාකරුවන් ඔවුන්ට ලැබුනු විශේෂ මැදිරියෙ සිට ජංකුක් සහභාගි වූ වැඩසටහන නරබන්නට විය.

"ඉතින් ජංකුක් දැන් ඔයා පෙම්වතෙක් ද නැත්නම් අපි ඔයා පෙම්වතෙක් නෙමෙයි කියක පිලිගන්නද " නිවේදකයා සිනහසෙමින් ඇසුවේ අනෙකුත් වැඩසටහන් වල නිවේදකයන් මෙන් සුපුරුදු පැනයමය.

"හහ් මම නම් තනිකඩයි ම් මම බදින එකකුත් නැ " ජංකුක් ඉතා බැරෑරුම් ලෙස පැවසුවේය.
එය ඇසුනු ටේහ්‍යන් හිතින් කඩා වැටුණේ ඔහු කෙදිනකවත් නොලද හිත් වේදනාවක් ද සමගිනි.

"ඒයි අර මොනාද අරයා කියවන්නෙ " ඇබිගර්ල් ටේහ්‍යන් දෙසට නැඹුරුව අසන්න වුනෙ ඇයටද ජංකුක් ගෙ ප්‍රකාශය පුදුමයක් ගෙනදුන් නිසාවෙනි.

කෙසේවෙතත් මේ මොහොතෙ ජංකුක් සහ ටේහ්‍යන් ගෙ සම්බන්ධය පිළිබද දන්නා සියලු දෙනා ටේහ්‍යන් දෙස බැලුවෙ අනුකම්පාවෙනි එය ටේහ්‍යන් හට මහත් ලැජ්ජාවක් සහ බියක් ගෙන දුන්නේය.

"මීඩියා වලට එහෙම කියන්න බෑනෙ ඇබී ඒක වෙන්නැති " ටේහ්‍යන් තව තවත් ජංකුක් ගෙ පැත්ත ගත්තේය.

"නැ ඒක නෙමෙ අර කිව්වෙ බදින්නැ කියලා මොකක්ද එ " ඇබිගර්ල් ටිකක් උස් හඩින් අසන්නට විය එය එම මැදිරියෙ සිටි අනෙක් පිරිසටද ඇසුනු බව නොඅනුමානය.

"ඇබිගර්ල් කටවහගන්න ඒකට කමක් නැ " ටේහ්‍යන් සිය හොදම මිතුරියව සන්සුන් කළේ මැදිරියෙ සිටි සියලුම දෙනා ජංකුක් දෙස වෙනුවට තමා දෙස බලා සිටින නිසාවෙනි.

"ජංකුක් ට ටේහ්‍යන් ට වඩා හොද කෙනෙක් හිටියෙම නැද්ද අනෙ " එක් නිළියක් කසුකුසු ගාන්නට විය.

"ඔව් අනෙ කොහොමත් ටේහ්‍යන් ට හුළං දැන් ජංකුක් කිව්වෙ බදින්නෙ නැ කියල " තවත් එක් නිළියක් හොර රහසෙ කතාබහ කළේය එහෙත් මෙ සියලුම දෑ ටේහ්‍යන් ටත් ඇබිගර්ල් ටත් හොදින් ඇසුනහ.

"ටේ ඔයා ගනන් ගන්න එපා ඔය කිසි වැඩකට නැති මිනිස්සු කියන කතා " ඇබිගර්ල් හොරෙන් කතාබහ කල පිරිස දෙස බලමින් පැවසුවාය.

All Too Well | Taekook [ COMPLETED ]Where stories live. Discover now