CHAPTER 19

235 57 12
                                    

ජංකුක් ඉතා සතුටින් එම ඇමතුමේ කතාබහ කළ අතර ඒ කිසිවක් ටේහ්‍යන් හට පැහැදිලිව නෑසුණේය.

නින්දට යම් බාධාවක් වූවද නැවතත් ඇස් පියවා ගත් ටේහ්‍යන් ඉතා ගැඹුරු නින්දකට පත් වූයේ එදින ඉතා වෙහෙසකර දිනයක් නිසාවෙනි.

විනාඩි විස්සකින් පමණ එම ඇමතුම නිම කර යළි නිදාගැනීමට යහනට පැමිණි ජංකුක් විසින් ටේහ්‍යන් ඔහුගෙ ඇමතුම නිසා අවදි වී ඇත් දැයි සැකයෙන් වඩා හොදින් පරීක්ෂා කරන්නට විය එහෙත් ඔහුගෙ හදවතට සැනසුමක් දැනුනේ ටේහ්‍යන් ඉතා තද නින්දක සිටි නිසාවෙනි.

කදුලු අතරින් බිදුණු හැගුමන් නැවත එක්වී හිනැහී විකසිත වන හිම වැස්සක් මැද ආදරය සොයන සීත දෙසැම්බරයේ තවත් දිනයක් උදා විය.

ජංකුක් ට ප්‍රථමව උදෑසන හතට පමණ අවදි වූ ටේහ්‍යන් ජංකුක් අවදි වීමට පෙරම නානකාමරයට ගොස් පිරිසිදු වූයේ උදෑසනම පිට වීම සදහායි ඔහු පිරිසිදු වූ විගස ජංකුක් ව අවදි කිරීමට කටයුතු කළේ ජංකුක් හට එදින උදෑසන දහයට රූපගත කිරීම් තිබෙනා නිසාවෙනි.

"ඒයි කුකී ඇහැරෙන්න " ටේහ්‍යන් කීවේය එහෙත් ජංකුක් අවදි වූවේ නැත.

"බේබ් ඇහැරෙන්න ඔයාට ශූටීන් දහයට " ටේහ්‍යන් යළිත් වරක් ජංකුක් ව අවදි කිරීමට උත්සහයක් ගත්තේය.

"ජංකුක් මේ ඇහැරෙන්න " ටේහ්‍යන් යහන මතට නැග ජංකුක් ගෙ කන අභියසටම ගොස් ශබ්ද නගා ඔහුව ඇහැරෙවන්නට විය.

"හහ් මේ කවු ද ආ ටේ අනේ නිදාගන්න දෙන්නකො " ජංකුක් ටේහ්‍යන් ගෙ හඩට අවදි වූවත් ඔහු එවිටත් දැඩි නිදිමතක සිටියේය.

"මේ ඇහැරෙන්න ඔයාට දහයට ශූටින් " ටේහ්‍යන් නැවතත් ජංකුක් ගෙ මුහුණට සෙමෙන් තට්ටු කරමින් ඔහුව ඇහැරවන්නට විය .
ඉන්පසුව ජංකුක් යහනෙන් බැස නානකාමරයට ගොස් පිරිසිදු වූයේ ටේහ්‍යන් ඔහුගෙ කාමරයේ අසුන් ගෙන සිටින අතරතුරය.

"ටේ ඔයා යනවද දැන් " ජංකුක් යෑමට සූදානමින් සිටින ටේහ්‍යන් ගෙන් ඇසුවේය.

"ඔව් මම යනව දැන් මම ඩ්‍රයිවර් ට කෝල් කලා කුකී ඔයත් දැන් යනවනේ " ටේහ්‍යන් පැවසුවේය.

All Too Well | Taekook [ COMPLETED ]Where stories live. Discover now