CHAPTER 13

256 58 10
                                    

"පරිස්සමින් යන්න " ඔහුගෙ නිවසින් පිටව යන ජංකුක් දෙස දොරකඩට වී බලාගෙන සිටි ටේහ්‍යන් පැවසුවේය.

ජංකුක් හදිස්සියේම එලෙස යෑම පිළිබද ටේහ්‍යන් හට දැඩි දුකක් සහ පුදුමයක් හිතේ සනිටුහන් වූවේය ඒ සිදු වූ ඇතැම් සිදුවීම් නිසා කනස්සල්ලට පත් ටේහ්‍යන් ඔහුගෙ නිදන කාමරය වෙත ගොස් ඔහුගෙ මේසය අසල පුටුවේ ඉදගත්තේ තම හිස අත් දෙක තබා දැඩි කල්පනාවකය සිටියේදීය ස්වල්ප වේලාවකින් නින්දට ගිය ඔහු හට එතරම් ඉක්මනින් නින්ද ඔහු වෙත පැමිණියේ නැත ජංකුක් විටින් විට පිළිඹිබු වන ඇතැම් අනපේක්ෂිත හැසිරීම් රටා ටේහ්‍යන් ගෙ සිත දුකින් විඩාවට පත් කළහ.

එහෙත් කෙලෙස හෝ ඔහුගෙ හිතෙ තිබූ දුක් කරදර අමතක කර ඔහු විසින් දෑස් තදින් තදකොට නින්දට ගියේය එහෙත් ඔහු විටින් විට නින්දෙන් අවදි වී ජංකුක් ගෙන් යම් පණිවුඩයක් හෝ තිබේදැයි ඔහුගෙ ජංගම දුරකථනය පරීක්ෂා කරන්නට විය.
එහෙත් වෙනදාට මෙන් ජංකුක් ගෙන් කිසිදු ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් වත් නොමැති විය අපහසුවෙන් හෝ නින්දට යෑමට ටේහ්‍යන් හිත හදාගත්තේය.

සිසිලසට නියම අරුතක් ගෙන එමින් උණුහුම් ව වැඩුනු ප්‍රේමයේ අදුරු සීත හැගීම් දින සති මාස ගණනාවක සතුට එක් ක්ෂණයකින් සිසිලසින් ගල් ගැස්සීමට තරම් සුළු සුළු හැසිරීම් බලවත් විය.

හැගීම් වලට කෑදර හදවත් එකිනෙකට තමන්ගෙ ආදරයේ උණුහුම පතන තවත් දිනයක් උදාවිය ඒ ටේහ්‍යන් ගෙ උපන්දිනයට පෙර එනම් දෙසැම්බර් දොළොස් වෙනිදායි.

එදින කිසි රාජකාරික් නොමැති වූ ටේහ්‍යන් මද වේලාවක් හිතේ වූ දුකත් නිසා උදෑසන නවය පමණ වන තෙක් දිගු නින්දක පසුවූයේ කාගේ හෝ කරදර බාධාවවකින් තොරවය.

ටේහ්‍යන් උදෑසන නවයට අවදි වුවත් ඔහුගෙ හිත මෙන්ම ගතද යහන මත මද වෙලාවක් එලෙසටම දෑස් හැර කල්පනාවක අතරමං විය එම කල්පනාව කෙතරම් බැරෑරුම් ද යත් ඔහුට නොදැනිම ඔහුගෙ නෙතගින් කදුළු බිදු ගලා එන්නට විය.

සුසුම් හෙලමින් කදුළු පිසදමමින් ඔහු ඔහුගෙ ජංගම දුරකථනය පරීක්ෂා කරන්නට වූයේ ජංකුක් හට ඔහුව මතක් වී ඇත්දැයි සැකයෙනි ඔව් ජංකුක් විසින් ටේහ්‍යන් වෙත සුභ උදෑසනක් යැයි පවසා කෙටි පණිවුඩයක් එවා තිබුනේය ඇතැම් විට ඔහු එය ටේහ්‍යන් හට එවන්නට ඇත්තේ ඔහු ඔහුගෙ චිත්‍රපටයේ රූපගත කිරීම් සදහා යෑමට පෙර දීය .

All Too Well | Taekook [ COMPLETED ]Where stories live. Discover now