CHAPTER 6

326 71 27
                                    

"හම් ඒකනම් වැරදී හරිද ටේහ්‍යන් " ජංකුක් වාහනය උද්‍යානයෙන් පිටතට ගනිමින් පැවසීය.

"සොරි ඇත්තටම මට සෑහෙන්න නින්ද ගියා මුකුත් කෑවෙත් නැ " ටේහ්‍යන් නැවතත් ඔහුගෙ කණගාටුව ප්‍රකාශ කළේය.

"හරි හරි දැන් ගමන යමුකො " ජංකුක් පැවසුවේ මද වේගයෙකින් වාහනය ධාවනය කරමිනි.

"ඊයෙ ඇබිගර්ල් ව එක්කගෙන ආවෙ ඇයි " ජංකුක් එකවරම ඇසුවේය.

"මට තනි නිසා අනික එයා මගෙ යාලුවනෙ "

"හැබැයි ගොඩක් අයනම් හිතන්නෙ ඒ ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියල " ජංකුක් ටේහ්‍යන් විසින් කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ ප්‍රකාශයක් පැවසුවේය.

"ඇයි ජංකුක් සොරි ඔයා අපහසුවට පත් වුනානම් " ටේහ්‍යන් වරදක් නොකර සමාව ගත්තේය.

"හරි හරි කමක් නැ දැන් ඒක වෙලා ඉවරනෙ " ජංකුක් ඔහු විසින්ම පටන්ගත් කතාව ඔහු විසින්ම නතර කළේය.
ටේහ්‍යන් ජංකුක් කිසිවක් පැවසුවත් ඇසුවත් එයට එකට එක කීමට නොගියත් ඔහුට ජංකුක් ගෙන් ඔහු කිසිදාක නොබදින්නේදැයි ඇසීමට ඉඩ කඩ ඕනතරම් තිබුණි.

"ජංකුක් මන් මේ පාරවල් වල කලින් ගිහින් නැහැනෙ " ටේහ්‍යන් හට නුහුරු මාවත් වල වාහනය ගෙන යන ජංකුක් දෙස බලාගෙන ඇසුවේය.

"මේ පාරවල් වල කිසි තදබදයක් නෑනෙ ටේ ලේසියෙන් ඉක්මනට යන්න පුලුවන් " ජංකුක් විසින් කිහිපවතාවක් ඔහු පවසන ස්ථානයට ගිය වගක් එම ප්‍රකාශයෙන් ටේහ්‍යන් ට පැහැදිලි විය.

"හම් ඔයාගෙ උනන්දුවෙ හැටියට නම් එතැන ගොඩක් ලස්සන තැනක් වගෙ " ටේහ්‍යන් දිලිසෙන දෑසින් යුතුව ජංකුක් දෙස බලමින් ඇසුවේ උද්‍යෝගයකින්ය.

"ගස් තමයි හැබැයි තියෙන්නෙ ටේ ආ ලස්සන වැවක් තියෙනව අපි ඒ පරිසරයෙ ටිකක් කාලය ගත කරමු " ජංකුක් ටේහ්‍යන් හට පැවසුවේ ටේහ්‍යන් ගෙ එම ස්ථානයට යෑමට ඇති ඉවසීම නැති කරමිනි.

ඔවුන්ගෙ ගමන කදු බෑවුම් සහිත පාරවල් වල විය ,පාර දෙපස සරත් ඍතුවෙ ආශ්වාදයෙන් මුසපත්වුනු වෘක්ෂයන් තැඹිලි සහ දුඹුරු වර්ණයන්ගෙන් හැඩවුනු කොයි මොහොතේ හැලේදැයි කිසිවෙක් නොදන්න එහෙත් නිසැකෙවම හැලෙන බව සැවොම දන්නා පත්‍රයන්ගෙන් හැඩවී තිබුනු අතර ශීත ඍතුවට නෑකම් කියන සිසිල් සුළං නිසා ඒවා තාලෙට ශබ්ද නගන්නට විය.

All Too Well | Taekook [ COMPLETED ]Where stories live. Discover now