Black Eyes - 01
" අනේ අභී ප්ලීස්... මම කියන දේ එක චුට්ටක් අහන්න...!"
" කට වහගන්න හිරූ... මට මුකුත් අහන්න ඕනි නෑ... "
" අභී එහෙම දෙයක් නෑ අභී ඒකිට පිස්සු.. ඉතින් මට ඔයාට ඒකේ කියන්න දෙයක් තිබුණේ නෑ...."
" මට කමක් නෑ උඹ ඒකි එක්ක හැ&$% ත්... ඒත් මං උඹේ හොඳම යාළුවා.. උඹට තිබ්බා මට කියන්න..."
" අනික ඒකිට කොහෙන්ද උඹේ නම්බර් එක.. ඒකිට උඹ දුන්නේ නැත්නම් "
" දෙවියනේ අභී..............!"
පපුව පැලෙන තරම් වේදනාවක් ආවේ අභී මං කියන දේ තේරුම් ගන්නේ නැති නිසයි..
මම කොච්චරවත් කිව්වා දේවි එකේ කෙල්ල එක්ක මම කිසිම සම්බන්ධයක් නෑ කියලා..
ඒත් අභී මාව පොඩ්ඩක්වත් විශ්වාස නොකරන එකට මගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් ගෙනාවා...
මම එහෙමම මගේ ඇද පල්ලෙන් වාඩි උනා...
අභී මූනත් කළු කරන් මං දිහා හිස් බැල්මකින් බලාගෙන හිටියා...මම හිරුජ සත්සර මම තර්ස්ටන් එකේ 13 වසරේ බයෝ කරන්නේ...
මගේ ගම නුවර මැණික්හින්නේ. ඒත් මගේ අප්පච්චිගේ තීරණයට අනුව ඉන්නේ කොළඹ බෝඩින් වෙලා.. පොඩි කාලෙනම් මම හොරණ නැන්දලෑ ගෙදර අම්මා එක්ක හිටියේ ඒත් දැන් අවුරුදු 03 ක් වෙනවා මම මෙහෙම තනිවෙලා...
මොකද අම්මව අප්පච්චි ආපහු ගමට ගෙන්න ගත්තා මම ලොකුයි තනිරකින්න ඕනි නෑ කියලා...
අප්පච්චි ග්රාමනිලධාරී කෙනෙක්...
ඉතින් එයා ලඟ Lowyer කෙනෙක්ගේ තරම් නීති..
සේරම ඉවසගෙන මම දැන් තුන්මුල්ලේ පොඩි බෝඩිම් කාමරේක ඉන්නේ.
මම ආස උනේ නෑ හොස්ටල් එකක ඉන්න.. අප්පච්චි කොච්චර දරුණු වුනත් මමත් එයාට නොදෙවෙනි පුතානේ. ඒ නිසා බෑම කියලා පොළවෙ පස් කෑවා...පස්සේ අප්පච්චිලාමයි කොළඹ ඇවිත් මේ බෝඩිම හොයලා දුන්නේ...
බෝඩිම තියෙන්නේ ගෙදරක උඩ තට්ටුවේ යට ගෙදර ඉන්න ඇන්ටිලා ලඟ මට සේෆ් නිසාමයි අප්පච්චි මාව මෙහෙ නතර කරා...
ඉතින් මම දැන් අවුරුදු 03ක් මෙහෙ...එතකොට අභිරූ අභිරු ගැන කිව්වොත්....අහ්ම්... එයා මගේ ඉස්කෝලෙ ඉස්සෙල්ලම යාලුවා. මම ගිය දවසෙම 5 පංතියේ දි අනිත් අය මාව ගනන් නොගද්දි අභී තමයි මගේ ලගින් ඇවිත් වාඩි උනේ...
අභීට ගොඩක් සල්ලි තියනවා..
කතාවට කිව්වොත් කොළඹ 07 තමා...
ඒත් ලොකුකමක් ගෑවිලාවත් නෑ... අපි දෙන්නම කරන්නේ බයෝ... එකටමයි ඉන්නේ.. බෝඩිමේ ඇන්ටිනම් කියන්නේ ඉදිකට්ටයි නූලයි කියලා...
එතකොට අපි දෙන්නම හිනා වෙනවා...
YOU ARE READING
Black Eyes-Season One (BL-✔️🔚)
Romanceමගේ මැණික.... මගේ ජීවිතේ මගේ රන් බබා... මීට ඔයාගේ හිරූ.... 🍁 15 + Story 🍁