Black Eyes - 18
හ්ම්ම්ම්... කළු පිරිමි කෙනෙකුයි හැම වෙලේම ඔසරියක් ඇදගෙන ඉන්න ගෑනු කෙනෙකුයි ද උඹලා දෙන්නා මෙහෙම ආදරේ කරනවට අකමැති...?
සීයා අහපු ප්‍රශ්නෙට මාව සීතල වෙලා ගියා....
" ඔ ...ඔ ...ව්...ඒ.....ඒ.......මගේ අම්මයි අප්පච්චී සීයේ..!"
ඒත් ඇයි...???
" මොකක් ඒකත් එහෙමද...............උන් ............!"
මොකක් හරි හේතුවකට අම්මලාට එහෙම කිව්වත් මට තරහක් ආවේ නෑ... ආවේ කුතුහලයක් විතරයි....
" උඹලට හිටියද ඔලුවේ අමාරුවකින් මැරුණ පවුලේ මොකෙක් හරි එකෙක්...මැරෙනකොට වයස 45ක් වගේ ඇති.. කොණ්ඩේ කැරලියි , කළුයි ටිකක් මහත පිරිමි කෙනෙක්..."
සීයා දැනට අවුරුදු 10 කට කලින් අපේ නැති වුන පුංචි බාප්පගේ හැඩරුව කියද්දී මගේ ඇග පුරාම සීතල වෙලා ගියා.. මම අභී දිහා බැලුවෙත් පුදුමයෙන් වගේ බයෙන්.. අභීගේ ඇස් බයෙන් පිරිලා කඳුළු ගලන්න ගත්තම මම මගේ රන් බබාව දෙපාරක් නොහිතා මගේ තුරුළට ඇදගත්තා.. සේරම වින මගේ බබාට මං නිසයි....
" අනේ සීයේ ඒ අපේ පුංචි බාප්පා... මොළේ පිළිකාවකින් මැරුණේ..."
" අහ් ඒකත් එහෙමයි එහෙනම්.... ඔය ළමයි දෙන්නා මං ගාවට ආවා තමා ඒත් වැට උඩ වගේ ඉන්නේ.. කොඩිවිණ කරන්න බෑ කොල්ලට උඹේ ආදරය හයියක් වෙලා ... ඒ වෙනුවට උන් කොල්ලට මේ මලගිය පරානකාරයා බන්ධනය කරලා.... මලගිය එකා ඉන්නෙත් යන්න බැරුව.. ඌ ඉදලා තියෙන්නේ බෝ ගහකට අරක් ගෙන.. ඒත් උඹලගේ අම්මලා මූව ඇදලා අරගෙන මේ කොල්ලට බන්ධනය කරලයි තියෙන්නේ..."
" සී....යේ......??"
මට කිව්ව දේවල් හීනෙන් වගේ ඇහුනේ.. මගේ අම්මයි අප්පච්චි මේ තරම් ජරා මිනිස්සු කියලා හිතෙනකොට මට එයාලට ජාතක උන එක ගැන දැනුනෙත් වේදනාවක්....
" උඹ දුක් නොවී හිටාන්... මම මේ පරානේ යවලා දෙන්නම්... ඒත් කොල්ලා සෑහෙන්න දුර්වලයි.... කොල්ලා ජීවිතේ ගැට ගහන් ඉන්නෙත් මේ පරානකාරයා නිසයි...
පරානකාරයා ඇගෙන් යන්න උත්සහ කරන වාරයක් ගානේ උඹේ කොල්ලගේ ජීව ශක්තිය ඌට යනවා... ඉතින් කොල්ලා දැන් ගොඩක් දුර්වලයි.. පරානේ ඇගේ ඉන්නකන් කොල්ලගේ ලෙඩක් පෙන්වන එකක් නෑ...
ඒත් ඌව මං යැව්වොත් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා. හරියට ප්‍රතිකාර උනේ නැත්නම් ............."

YOU ARE READING
Black Eyes-Season One (BL-✔️🔚)
Romanceමගේ මැණික.... මගේ ජීවිතේ මගේ රන් බබා... මීට ඔයාගේ හිරූ.... 🍁 15 + Story 🍁