15 - නුඹේ ප්‍රේමය

1K 217 82
                                    

Black Eyes - 15

මම අපේ සෙට් එකත් හම්බවෙලා ගියේ අභී තනියම මම එනකන් බලාගෙන ඉන්න නිසයි. මම කොරිඩෝ එකෙන් යනකොට අභී ජිරාෆ් වගේ බෙල්ල උස්ස උස්ස මාව බලනවා.. මට තනියමත් හිනා...
අභී මාව දැක්කා විතරයි ඒ මූනේ ඇදුණු හිනාව නිසා මම තවත් අභීට වශී උනා...
ඇත්තමයි.... කට්ටියක් අතරේ මගේ අභී ඉන්නකොටත් මගේ ඇස් නැවතුනේ මගේ අභීගේ හිනාව ලඟ විතරමයි.
මම ගිහින් අභී ලඟින්ම ඇගේ ගෑවීගෙන වාඩි උනා...
යන්තම් ඩෙස් එක අස්සෙන් අත දාල අභීගේ සිනිදු අත මගේ අතේ පටලව ගත්තා.... එතකොටම මගේ කොල්ලා ලැජ්ජාවෙන් ඇඹරුන විදියට මට අල්ලලා ඒ සුදු මූන පොඩි කරන්න හිතුනා...

මුළු කාලය පුරාම Practical වගේම Theory වලට අපේ කාලය  ගෙවිලා යද්දී අභීයි මමයි හෙම්බත් වෙලා හිටියා.
හවස ගෙදර යනකොටත් වීල් එකේදී මගේ කොල්ලට නිදිකිරා වැටෙනවා..මම මගේ උරහිසට එයාගේ ඔලුව බර කරලා තියාගත්තා...
එතකොට ඒ පොඩ්ඩ දුරත් එයා ඇස් පියාගෙනමයි ආවේ...

" අභී... නැඟිටින්න අපි ආවා.... "

පොඩි වත්තකුත් එක්ක තියන පොඩි ගෙයක් අපි දෙන්නගේ නවාතැන උනා...වත්තේ බට් අඹ ගහකුයි පේර ගහකුයි තිබුණ නිසා එතන තිබ්බ නිස්කලංක බවට අපි ආස කලා..
වීල් එකෙන් අභීව බස්සගෙන වීල් එක යවලා මං අභීව ඉනට උස්ස ගත්තා.. ඒක මගේ කොල්ලට අලුත් දෙයක් නොවුන නිසා මගේ උරහිසෙන් ඔලුවත් තියාගෙන මගේ බෙල්ල වටේ අත් පටලවා ගත්තා...

" රන් බබා වොෂ් එකක් දාලා නිදාගන්න වස්තූ... කෝ ඉතින්...??"

එයා තවත් මට තුරුළු වෙද්දී මම එයාව ඇදෙන් ඇල කරා.. කොල්ලා කෙඳිරි ගාද්දී මම එයාගේ ටී ෂර්ට් එක පන්නලා කලිසමේ බට්න් එකත් ගලෝලා උඩ කලිසම ගැලෙව්වා....

" රන් බබා...කෝ යන් අපි වොෂ් දාලා එමුකෝ...??"

මම එයාව ආපහු කරට ගන්න හැදුවම මේ කොල්ලා යට කලිසමත් ගලවන්න ඒකට අත තිබ්බා...

" අභී...??"

" අනේ හිරූ ඒක හිරයි අනේ. ගලවන්නකෝ..."

කම්මැලි කොල්ලා මගේ ඇගේ එල්ලි එල්ලි කියන්න ගත්තම මගේ ඇගේ ඉන්න වල් කොටියා නැගිටින්න පටන්ගන්නවා කියලා මට දැනුනා..
මං ඉක්මනින් අභීව කරට අරන් ගිහින් Bathroom එකෙන් තිබ්බා...

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now