20 - දරා ගැනීම

591 161 103
                                    

Black Eyes - 20

මට ආපහු සිහිය එනකොට මම දැක්කේ පොඩි කාමරයක්.. පොඩි කහ පාට නෙට් එකක් දාලා බිත්තිවල සුදු පිරියම් කරලා.බැලූ බැල්මට හාමුදුරුනමකගේ කුටියක් වගෙයි..
එක අතක දැනුණු බරක් නිසා මම හිමීට ඒ අත දිහා බැලුවා... එතකොට මගේ ජීවිතේ එකම සැනසීම සතුට කොටින්ම කිව්වොත් මගේ පන මගේ එක අතක් උඩ සැනසීමෙන් නිදාගෙන හිටියා..
මම ටිකක් වෙලා මගෙ  රන් බබා දිහා බලාගෙන හිටියේ අද පලවෙනි වතාවට මගේ මැණිකව දැක්කා වගේ...
හිතට මහ අමුතුම ලෝබකමක් හැඟීමක් මට දැනෙන්න පටන් ගත්තා... ඒකට හේතුවක් කියන්න මමවත් දන්නේ නෑ...මගේ සැනසීම මගේ අත උඩ උනාට ඒ සැනසීම මාව දාලා යන්න හදනවා කියන දේ මට හිතන්නවත් පුළුවන්කමක් නෑ.. මට පුළුවන් නම් දෙයියනේ ආපහු අතීතයට යන්න මම මගේ අභීව මගේ ගමේ හතර මායිමකටවත් එක්කගෙන යන්නේ නෑ....
මගේ ඇස්වලින්  මටත් නොදැනී කඳුළු ගලාගෙන යද්දී පපුවෙන් එන ඉකි හඬ මම අමාරුවෙන් පාලනය කරගත්තා...
මම වටපිට බැලුවේ වෙලාව කීයද කියලා හොයාගන්න...

" උඹ නැඟිට්ට ද..?? "

එතකොටම වතුර කෝප්පයකුත් අරගෙන නෙතුම් අපි ලගට ආවා..

" මචං... වෙලාව කීයද..?? "

" අහ් දැන් 3.00 යි.. තව පැයකින් සෙත් කවි කියනවා කිව්වා.   අභියගේ වෙලාව පුංචි සීයා බැලුවා..  "

ඒක කියද්දි නෙතුම්ගේ ඇස්වල කඳුළක් පිරුනා වගේ මම ලාවට දැක්කා....

" මොකද බන් කිව්වේ..??"

" හ්ම්.. ඉක්මනින් ඇගේ ඉන්න පරානය අයින් කරන්න වෙනවා කිව්වා... සෙත් කවියි බෝධි පූජාවයි අපිට ඊට පස්සේ කරමු කිව්වා..  "

" හ්ම්ම්... ඒ කියන්නේ මගේ කොල්ලා හොස්පිටල් එකක ඇදකට වැටෙනවා කියන එක ද බන්.."

මගේ ඇස් දෙකේ පොරකාපු තවත් කඳුලු කැට කීපයක් මම නෙතුම් ඉස්සරහා අතෑරියා....

" සේරම මං නිසා නෙතුමෝ... මං මහා පවුකාරයෙක්..."

නෙතුම් මං ලගට ඇවිත් මගේ ඔලුවෙන් අත තිබ්බා...

" ඉවසපන් බන්.. අපි හිතන්නේ නැති දේවල් ජීවිතවල වෙනවා.. උඹ උඹට දොස් කියාගත්තා කියලා මේ කිසිම දෙයක් හරියන්නේ නෑනේ.. ඔන්න මූට හොඳ වෙනවනම් උඹ උඹට කොච්චර සාප කරගත්තත් මං මුකුත් කියන්නෑ... නෑනේ... ඒ නිසා අපි කරන්න පුළුවන් සේරම කරමු..!"

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now