03 - මගේ හීනය

1.6K 284 79
                                    

Black Eyes - 03

" අභී....??"

" කියන්න..?"

" අදට මං ඔයා ලග නිදාගන්න ද..?"

" අහ්...??"

" එපා නම් කමක් නෑ.. මං බල කරන්නේ නෑ.... "

" හ්ම්ම්ම්ම්..."

ඒ ඇස්වල තිබ්බේ අසරණකමක් .. මට තේරෙන්නෑ මං ඇයි අභී යනවට මේ තරම් බය කියලා.. අභී කවදාහරි මාව දාලා යන දවසක් එයිනේ... එදාට මම මොකක්ද කරන්න ඕනි කියලා මට හිතාගන්න බෑ.. හිතුවත් මට දැනෙන්නේ මගේ හුස්ම හිර වෙනවා වගෙයි... මම මගේ කොට්ටෙයි රෙද්දයි අරගෙන අභීගේ ඇදට නැග්ගා.. අභී බිත්තිය පැත්තට ගියා...
එයා අමුතුයි... මූන නිකන් රතුවෙලා වගෙයි....

" අභී ඇයි ඔය මූන...???"

" අහ්ම්.. නෑ නෑ.... නිදාගමු..!"
එයා මට පිටුපාලා හැරුනා...

" අභී.......???"

" ම්ම්......??"

" මං ඔයා ලගට එන්න ද..??"

මම දන්නෑ මගේ හිත මගෙන් ඉල්ලන දෙය වචනවලට පෙරලලා එයාගෙන් ඇයි ඉල්ලන්න පටන් ගත්තේ කියලා...

'" හ්ම්ම්.."

මම ඉක්මනින් එයා ලගට ගිහින් එයාගේ ඉනවටෙන් අත දැම්මම එයා ගැස්සිලා ගියා...

" අභී ඇයි මේ....???ඔයා මං ලග ගැස්සෙන්නේ..? ඔයා බය ද..?"

එයා එකපාරම මගේ පැත්ත හැරෙනකොට එයාගේ t shirt එක ටිකක් ඉස්සිලා ඒ ඉනේ මගේ ඇගිලි ගෑවුනා...
මට දැනුනේ සිනිදු මල් පෙත්තක පහසක්....
මගේ ඇග පුරාම මොකද්දෝ අමුතු දෙයක් ගියා....
ඒ කලු ඇස් අතර මං අතරමං වෙන්න පටත් ගත්තා... එයත් මං දිහා බලාගෙනම හිටියා... මම අත ගත්තෙම නෑ... මුකුත් නොකර අත හොලවන්නෙත් නැතුව එහෙමම තියාගෙන හිටියා..
මම දැක්කේ ඒ රෝස පාට ලිප්ස්... ඉන මේ තරම් සිනිදුනම් ඒ ලිප්ස්...?????
දෙවියනේ මම මේ මොනවද හිතන්නේ...???
මගේ පපුවේ සද්දේ එයාට ඇහෙයි කියලා මට බය හිතුනා...
පස්සේ මම දැක්කේ මං වගේම එයාගේ ඇසුත් මගේ ලිප්ස් අතරේ අතරමං වෙලා කියලා..
මම මොහොතකින් ඇස් පියාගත්තේ මට ඒ රෝස ලිප්ස් මගේ කරගන්න හිතුනු නිසා ඒ හැඟීම මගෑරගන්න....
ඒත් මොහොතකින් මගේ ලිප්ස්වල මට සිනිදු මෙන්ම තෙත දෙයක් දැවටෙනවා මට දැනුනා...
මම ඉක්මනින් ඇස් අරිද්දී අභී මගේ ලිප්ස් එයාගේ ලිප්ස් මගේ කරගන්න කලින් එයාගේ කරගෙන..
මං ඉක්මනින් මගේ අත තවත් අභීගේ Shirt එක අස්සට දාගෙන එයාව තවත් මට ලං කරගත්තා... ඒ සිනිදු පිට දිගේ මගේ අත අරන් යන ගමන් මම එයාගේ ලිප්ස් මොහොතකට මගේ කරගත්තා...
මම දන්නෑ අපි මේ මොකක්ද කරන්නේ කියලා.. ඒත් මගේ හිත මේක ඕනි ඕනි ඕනිමයි කියලා කෑගහන්න පටන් ගත්තා.. මේ තරම් කාලෙකට අභී තරම් සිනිදු දෙයක් මගේ ඇගේ දැවටිලා තිබුණේ නෑ...
අනික මේ මගේත් අභීගෙත් පලවෙනි හාදුව වෙන්නැති...
මගේ ගතම අමුතු හිරියකින් පිරිලා යද්දී මම අභීගේ ඇග උඩට ගිහින් ඉන දෙපැත්තෙන් කකුල් දාලා දණගහගත්තා...
අපි තාම අපේ හාදුව බින්දෙ නැති එකට මම හිතෙන් සතුටු වෙන ගමන් අභීගේ ඔලුව පිටිපස්සෙන් එක අතක් දාලා මට තවත් ලං කරගත්තා....

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now