24 - අවසන් මොහොත

1K 206 120
                                    

Black Eyes - 24

සුදු කියන්නේ පිරිසිදු නිර්මල පාටක් උනාට මට ඒක ඇගට දාගත්තම දැනුනේ මගේ රන් බබාගේ ජීවිතේ සුදු රෙද්දට අරන් වගේ බරක්... වේදනාවක්.. ඇඳුමකට මේ තරම් වේදනාවක් එකතු කරන්න පුළුවන් කියලා මම දන්නේ අදයි....
දැන් දැන් දුක් වෙලා වැලපිලා හැපිලම මගේ පනත් මට ඉතුරු වෙලා නෑ වගේ...  දෙයියනේ ඇත්තටම අභී නැතුව මං කොහොමද ඉන්නේ...  මගේ මැණික නැති අනාගතයක් මට කොහෙන්ද දෙයියනේ....
ඇයි...........ඇයි මටම මෙහෙම දෛවය කලේ.... 
මට අභීව අතාරින්න කිව්වනම් මම අතාරිනවා.. ඒත් මට අතාරින්න උනේ මැණික එයාගේ ජීවිතේ අතෑරියට පස්සේ....
මට පුළුවන් නම් පන දෙන්න මගේ පනව මම පපුවට තුරුළු කරගෙන ඉන්නවා හැමදාටම.....
මට දැනෙන්නේ මගේ කකුල් ඔහේ යනවා වගෙයි.... ඒවගෙ අන්ත දශමෙකවත් පනක් නැති කොට අභී වෙනුවෙන් ගෙදර වත්තේ දාපු සුදු කොඩිය දැක්කම ආපු වේදනාව මගේ පපුව හාරගෙන ඇතුලට කිදා බැස්සා...

" අහ්..................."

පපුව අස්සෙන් ආවේ කීරක් ඇනෙන තරම් වේදනාවක්.....

" හිරුවා.......මචං........ශක්තිමත් වෙයන්.......ප්ලීස්........!"

මගේ කකුල් තවත් ඉස්සරහට ගියේ නැති කොට නෙතුම්ලා මාව ඇදගෙන වගේ අභීලගේ ගෙදරට අරගෙන ගියා... ඒ දොරෙන් ඇතුලු වෙනකොට ඒ පොළොවෙම මාව කඩාගෙන වැටුණෙ ඉවසගෙන දරාගන්න පුළුවන් අවසාන සීමාවත් මට නැති කරලා දාලයි.. නෙතුම්ලා මාව උස්සගෙන වගේ ඇතුලට අරගෙන යද්දී  නහයට දැනුනු මල් සුවඳත් එක්ක අභීගේ අම්මයි තාත්තයි ලී පෙට්ටියක් ලඟ හිටියා..

( මේක අනිවාර්යයෙන් බලන්න )

SehasnaKariyawasam මෙන්න මෙයා තමා මේක හැදුවේ....

හුරතලෙන් පපුතුරට තුරුළු වුණු පෙර එදින..
සැනසුමයි මං වින්ඳෙ පෙම් හැඟුම් පුරවගෙන..
රැකගත්තමුත් නුඹව ආදරෙන් මලක් මෙන..
මා නිසා නොවෙද නුඹ විඳෙව්වෙම මේ ලෙසින..

මැවෙනවිට නුඹෙ සොඳුරු රුව රනින් දිස්න දෙන..
කෑගසා හඬයි සිත වේදනා උහුලගෙන..
ළය පිරෙන්නට සෙනෙහෙ හදවතේ දරාගෙන..
නික්මුණේ ඇයි මාව හැර දමා මගේ පණ..

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now