16 - මගේ රන් බබා

1K 204 70
                                    

Black Eyes - 16

( A/N :- මේක ඉතින් BL එකක්නේ.. බකට් සීසන් එකක් තියනවා.. මගේ හිතේ තිබ්බ කතාවක් ඉතින්... මොන දේ උනත් අන්තිමට හැපි එන්ඩින් එකක් හොඳේ... but... මෙතන ඉදලා BedSheet ඕනි වෙයි....)

" නෝනේ කෝ ඕකත් ගේන්න..."

" ගමේ මහත්තයෝ කෙස් ගස් ටික..."

" අහ් මෙන්න මහත්තයා. "

" නෝනේ උඹට විශ්වාසයි නේද මේක අරූගෙ කොන්ඩ ගස් කියලා..."

" නැතුව... මට මගේ එකාගේ කොණ්ඩේ අදුරගන්න බැරි තරම් කණයෙක් කියලා හිතුවද අපේ මහත්තයා..."

" මෙහෙමයි ලීලේ නෝනේ ... හත් දොහක් වස් කවිය කියන්න ඕනි... පස්සේ කන්දේ දේවාලෙට ගිහින් පොල් ගහලා තමයි හූනියමට අත තියන්න ඕනි...."

" හ්ම්ම්... කොල්ලට ලොකු ආන්තරාවක් කරනව ද.... අතක් පයක් කොර කරලා වගේ නවත්තනව ද..?"

" අපිට ඌට හෙන ගැහුවත් කමක් නෑ අපේ එකාගෙන් ඈත් කරලා...ඒ කියන්නේ අපේ එකාට ඌව පේන්න බැරි කරලා හරි ඌව තොලොන්චි කරලා දාලා හරි වැඩේ කරලා දීපන්..."

" මෙහෙමයි ගමේ මහත්තයා කොල්ලා තදින් ආදරෙන් බැඳිලා නම් වෂියක් කොරන්න බෑ... දැඩි සෙනෙහෙ හයියයි කියනවනේ... ඒ නිසා අනිත් පැත්තක් අපි බලමු...

මෙන්න මේ ලිස්ට් එක ගෙනත් තිබ්බනම් අනිද්දා දොහේට වැඩේ කොරගන්න පුලුවන්...."

" ඒකේ ගැටලුවක් නෑ.... වැඩේ ටක්කෙටම වෙන්නයි ඕනි.."

" ආයේ මොනවද මාස 03න් ප්‍රතිඵලය පෙන්නනවා..."

කොණ්ඩය කුඩා ගෙඩියකට පසුපසට බැඳ සිටින ගමේ කපු රාල වැඩියෙන් ප්‍රසිද්ද වූයේ අණ විණ කොඩිවිණ හදිහූනියම්වලටයි....
ඔහු අදින්නේ කොටු සරමට සුදු පැහැති බැනියමයි... නිතරම බුලත් හපයක් කට තුළ තබා සිටින ඔහු උඩු රැවුල ඉහලට කරකවා තිබුණු අතර දෑස් තුළ ඇත්තේ දුෂ්ඨ මෙන්ම තීක්ෂණ බවකි.....

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

" රන් බබා...  කෝ තාම ඔලුව රිදෙනවද මැණික.. එන්න මම චූටි මසාජ් එකක් දාන්නම්කෝ..."

මගේ බබා උදේ ඉදලා සැරෙන් සැරේ ඔලුව අල්ලගෙන ඉන්නවා..  හවස ගිහින් බෙහෙතුත් ගත්තා... යාන්තමට අඩු උන නිසා මම බබාට රෑටත් බලෙන්ම කවලා බෙහෙත් ටික දුන්නා.. ආයෙම රෑ ඔලුව අල්ලගත්ත නිසා මම මසාජ් එකක් දෙන්න මගේ මැණිකව ඇදෙන් ඇල කෙරෙව්වා....

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now