25 - පලිගැනීම (1st book Last Capture )

1.6K 218 196
                                    

Black Eyes... 25

" උඹට ශුවර් ද තනියම යන්න පුළුවන් කියලා...."

" ඔව්... මං හොඳින් බං...මගේ කොල්ලට කරපුවට මං උන් ඔක්කොගෙන්ම පලි ගන්නවා....!"

" මෙන්න උඹ දීපු කාඩ් එක ...එදා උන්ගේ අම්මලා සල්ලි ගත්තේ නෑ.. "

" මම අභී නැති උනත් බාප්පා වෙනුවෙන් එයා ඉල්ලපුදේට සාධාරණයක් කරනවා.. මොකද ඒ ජීවිතේ නැති වුනේ අපි නිසයි..."

" අනේ මංදා බන්.. උඹ කරන දෙයක් කල්පනාවෙන් කරපං... "

*********

නෙතුම් යසිත් දෙන්නම මට මොනවා කිව්වත් මගේ හිතේ අභී වෙනුවෙන් කරන්න ඕනි දේවල් කරනකන් මම සිහියෙන් ඉන්නවා කියලා මං මගේ හිතට කියාගත්තා.. ඊට පස්සේ මගේ පපුව අස්සේ රිදි රිදී හිරවෙලා තියන වේදනාව මම පිට කරගන්නවා...
ඒක කොහොම පිට කරගනීද කියලා මම තාම හිතුවේ නෑ... දැනට මම මගේ හිතට කාවද්දගෙන ඉන්නේ මගේ රන් බබා ඈතක හොඳින් ජීවත් වෙනවා කියන එක....
තාම මට සේරම නරක හීනයක් වගෙයි....
මගේ මැණිකගේ කටහඩ හිටපු ගමන් මට තාම ඇහෙනවා..
කට පුරා හිරූ කියන හඬ දෝංකාර දෙද්දි මගේ පපුවට කොහොමත් උහුලගන්න බෑ..
ඒත් මං දරාගන්නවා.. අද දවසත් ...

මම කොලඹින් නුවර ඒසී බස් එකකට නැග්ගා....
නැගලා ටික වෙලාවකින් මගේ අත් ඉඹේටම දිගෑරුනේ මගේ අභී වෙනුවෙන්...

" මගේ මැණික.... !"

ඇස් දෙකට උනපු කඳුළු මං අමාරුවෙන් දරාගත්තා...
මගේ මැණික නැති පාළුව මම මගේ පපුවට අතින් හිමීට ගහගෙන අඩු කරගත්තා...
පෝන් එක අතට ගත්තම ඩිස්ප්ලේ එකෙත් ඉන්නේ මම එයාව පිටිපස්සෙන් බදාගෙන කම්මුල කිස් කරන පොටෝ එකක්....

^^^^^^^^^^^^^^^^^^^^^^

" අනේ හිරූ ඒක කැතයි ඩිලිට් කරනවකො අනේ... මෝඩයෝ...."

" බෑ... ඒක මගේ පෝන් එකෙන්නේ ගත්තේ...."

" ඒවා කොහෙද මාත් එක්ක.. කෝ මෙහෙ දෙනවා මෝඩ වලහා.....!"

මගේ අතේ තියන පෝන් එකට එයා පැන පැනා ගන්න රණ්ඩු කරනවා..මම උස්සලා ඒක තියාගෙන මගේ කොල්ලා මගේ බෙල්ලේ එල්ලීගෙන ගන්න ෆුල් ට්‍රයි එක...
ඒත් එක්කම මම එයාගේ ඉනවටෙන් අත දාලා මගේ ලගට තද කරගත්තා.... පස්සේ පෝන් එක මේසේ උඩින් දාලා එයාව ඉනට උස්ස ගත්තා...
මගෙ මැණිකත් මගේ බෙල්ලේ ඉල්ලුනාම මම ඒ සිනිදු රෝස පාට ලිප්ස් අල්ල ගත්තා...
වෙලාවකට මං ඒ සිනිඳු මල් පෙති අතරේ ගොඩ ඒමක් නැති වෙන්නම අතරමං වෙනවා... 

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now