06 - මං ආදරෙයි

1.3K 245 44
                                    

Black Eyes - 06






අනේ බෑ ද...?? අනේ අභී......කියන්න්කෝ... කෝ අනේ ....ඔලුව උස්සන්නකෝ... මම වෙන මුකුත් කරන්නෑ.. "

එතකොට එයා හිමීට ෂර්ට් එක උස්සලා ඉන වටෙම අත ගෑවම එයාගේ ඇස් පියවෙලා ගියා....

" අභී........"

මම එහෙමම එයාගේ ඇදුම උස්සලා මගේ ලිප්ස් හිමීට ඒ ඉනෙන් තිබ්බම අභී ගැස්සිලා මගේ ඔලුවෙන් අල්ල ගත්තා...

" අනේ හිරූ.........එපාහ්...."

ඒ සිපුම මම එතනින් නතර කලේ ඊට වඩා දීර්ඝ බැඳීමකට එයාවත් මමවත් සූදානම් නැති නිසා...
මම අභීගේ නලලට ආපහු කිස් එකක් දුන්නේ ආයෙම අභීගේ කළු පාට බෝල ඇස් ගැස්සෙද්දියි....

************

ටිකට් කපාගෙන අපි පහුවදා හවස ආපහු බෝඩිමට ආවා... ඇත්තටම ගෙදර ගියපු කාලයක් මට මතක නෑ.. අභී ආවත් හරි මට ඒ ගැන ගානක්වත් නෑ.. වෙනදට මම කොහොමහරි යන්න බලනවා.. ඒත් දැන් මට හිතක් නෑ...
එයා මං එනකොට බෝඩිම අස් කරලා මගේ ඇදට අලුතෙක් ශීට් එකකුත් දාලා..
ඇත්තමයි එයා හරිම පිළිවෙලයි... මමත් ඇදුම් ගොඩගහන එක නැවතුනේ එයා නිසයි... නැත්නම් මගේ ඇඳුම්වලට මට වෙනම පුටුවක් තිබ්බා.. do you know wht i mean....හ්හ්හ්හ්හා අර ඇදෙන් පුටුවට පුටුවෙන් ඇදට රෙදි මාරු කරන පුටුවක්...
ඒත් අභී ආවත් හරි ඒ පුටුවත් ඇදලා එයාගේ පැත්තට ගත්තා...රෙදි දාන්න නෙවෙයි මිතුරනි... කෑම කන්න වාඩි වෙන්න.. එතකොට මගේ රෙදි මට එදිනෙදා නවලා අල්මාරියට දාලා වෙනස් කරගන්න උනා..

ඒ වගේ පුංචි පුංචි වෙනස් වීම්වලට අභී නිසා මම නිකන්ම හුරු උනා....

" අභී ඔයා මේවා ඔක්කොම අස් කරලනේ...? "

අල්මාරියේ මගේ ඇඳුම් කෑල්ලත් පිළිවෙලට නවලා තියෙද්දී මම අභී ලගට ගිහින් අභීගේ අතින් අල්ලගත්තා..

" කොහෙද ඉතින් Boyfriend කෙනෙක් ඉන්නවා කිසිම පිළිවෙලක් නෑනේ...."

එයා කිසි ගානක් නැතුව අහක බලාගෙන  කියද්දී එයා කිව්ව වචනෙට මාව එක තැනම ගල් උනා...

" Boyfriend  Boyfriend Boyfriend "

මගේ කන් දෙකේ ඒ නම ආයේ ආයේ දෝංකාර දෙද්දී මගේ පපුවට මොකද්දෝ අමුතු දෙයක් දැනිලා මගේ ඇස් දෙක තෙත් වුනා...

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now