[ chapt 5]

268 71 7
                                    

...

"අන්තිමට මට තමුසෙව හවුවුනා......."

රතු වෙලා තිබුන ඇස් ටිකෙන් ටික පියවෙන ගමන් ශාන්ගෙ ඔලුව පහලට වැටුනෙ වටේම අදුරු වෙලා යද්දි

....

පිච්චෙනවා වගෙ හැගිමක් දැනෙද්දී ඇස් ඇරියේ අපැහැදිලි දැසින් වටෙ බලන ගමන් .මෙ කොහෙද

අදුරුයි... සීතලයි...  කෙදිරිලි සද්දයක් එක්ක .මේ ඉන්නෙ කොහෙද කියලා කිසිම අදහසක් නැතුව හිටපු මට තෙරුනා එකම දේ මාව පුටුවකට තියලා බැදලා කියලා .
එතනින් ගැලවෙන්න බැරුව දගලන්න ගත්ත මන්
හරහට වැටුනෙ ආයි කෙලින් වෙන්න බැරි වෙද්දි..

ටග් ....ටග්....

සද්දයක් සමග අවට තිබු ඉටිපන්දම් දැල්වෙන්න ගත්තේ පරිසරය යම්තාක් එලිය කරන් .

දැස් විසල් කරගෙන වෙන්න යන්නෙ මොකද්ද හිතද්දි දැක්කෙ කලින් දැක්ක සපත්තු දෙකම මගෙ පැත්තට එනවා.... ඔලුව උස්සලා එන කෙනාගෙ මුහුන බලන්න හදදි දැක්කෙ..

කොල්ලෙක්

ඔව්

එයා තරුනයි... සුදු පාට ඇගක් තිබ්බ එයාගෙ මුහුනෙ තනිකරම තිබ්බේ වෛරීසහගත බැල්මක්
ටිකෙන් ටික ලගට ඇවිත් හිනා වුන එයා මාව උස්සලා කෙලින් තිබ්බේ මාව දෙපැත්තට වැනෙද්දි.
එතකොට තමා මන් එයාව හරියටම දැක්කෙ..
නපුරු පෙනුමක් තිබ්බත් ඒ කෙනා දකින ඔනෙ කෙනෙක් වශී කරන්න පුලුවන් කමක් තිබ්බා .

"ඔයා කවුද.."

මන් එහෙම අහද්දිම රතු ඇස් දෙකෙන් තරහක් එක්ක බැලුව එයා .හෙන හයියෙන් හිනා වෙන්න ගත්තේ මන් පුදුම වෙද්දී..

"මම කවුද නේ .."

හහ් ... හහ් ... හහ් ...

දිගටම හිනා වෙන්න ගත්ත මනුස්සයා දිහා කට ඇරන් මන් බලන් හිටියෙ මොකද්ද මේ හරුපේ කියල හිත හිත...

"️තමුසෙ මගෙන් දුවලා බේරුනා ඇති"

රලු ස්වරයකින් කිව්ව මිනිහා මගේ උරහිස් දෙකෙන් අල්ලගත්තේ  හෙල වෙන්නවත් බැරි වෙද්දී...

Sŋơw ʄrost ||YZ||Where stories live. Discover now