The End 🌛

152 21 16
                                    

ගිනිගත් චන්ද්‍රයා සහ නිසල හදවත්

උදේට පිපෙන සුරියකාන්ත ආදරේ කරන්න ඔනේ හිරුට
..එකතමයි දෛවය ..
එත් එයාට බැරිද හඳට ආදරේ කරන්න ..
එයාවම අළු කරන්න පුලුවන් ඉර එක්ක ඉන්නවට වඩා එයාව සිසිල් කරන්න පුලුවන් හඳ එයාට හොද තැනක් වෙයිද ?.
. එත් එහෙම වුනොත් අනිවාර්යෙන් එයා
"මැරෙනවා"
ඉර එක්ක ඉදලා අලු වෙනවද?
හද එක්ක ඉදලා ආදරේ කරලා මැරෙනවද?
"මම තිරනය කරා හද එක්කම
මැරෙන්න"

_______

නිසල චන්ද්‍රයා මාවතට උඩින් නිහඩවම පායා තිබුනේය . කැම සොයා යන වවුලන්ගෙ හඩ හා ගස් අතරේ සැගවී රහසේ එබිකම් කරන බකමුණන්ගෙ හඬ හැරුනු කොට අවට කිසියම් ශබ්දයක් නොපැවතුනි .. එත් එ නිසල රැයෙම කෙනෙකුන්ගෙ හද කම්පා වෙන භිතිමත් රැයක් විය ... සද කෙමෙන් මුදුන් වෙනවා මෙන්ම ඒ භියකරු සිහිනයත් මල්ඵල ගැන්වෙමින් තිබුනි .

රිදීයෙන් තැනු ආයුධයෙකින් වැම්පයර්වරයෙකු ලැබු වේදනාවට වඩා මිනිසෙකුගෙ හදවතේ වේදනාව විශාලයැයි කිව හැකිය. නමුත් ඇත්ත වශයෙන්ම එයින් විශාලම දෑ වන්නෙ ඒ තුවාලයයි .එවැනි තුවාලයක් ලද්දෙක් ජිවත්විමේ සම්බවය සීමිතය.
නිසල සිරුරක් දෑතින් ඔසවා ගත් අයෙකුන් ශිතල මාවත දිගෙ ඉදිරියට ඇදෙමින් සිටියේය.කාටත් නොපෙනෙන සේ ඔහුගේ දෙකොපුල් අතරින් සිහින් පොද වැල් සේ කදුලු ගලමින් තිබුනි.සද රැස් එ හරහා විනිවිද ගොසින් එය සද කිරණක් සේ දිදුලමින් පැවතිනි.

මඳක් නැවතුනු ඔහු පිටුපස බැලුවේය . නැවතත් වම් පස දෙසට නෙත් යොමු කල ඔහු දිගු හුස්මක් පහළට හෙලා නැවතත් ගමන් ඇරඹිය. දිගු පාද තබමින් ඔහුගෙ ගමන වේගවත් කලේය .තප්පර කිහිපයක් ගත වන විට ඔවුන් සිටියේ කඳු ගැට්ටක් මතය . එක් ශාකයක් පමණක් අහස දෙසට වැඩි තිබුණු අතර අවට ඝණකම් තෘන පිට්ටනියකින් සමන්විත විය. ග‍‍‍ස මතය සඳ එලිය වැටි ඝන අඳුර පහවි තිබුනි. රාත්‍රියේ හමන සිසිල් සුලඟ හේතුවෙන් මඳක් උසින් යුත් තෘන රැහැන් ගීතයක තාලයට උපරිම සාධාරණය කරන ප්‍රේක්ශකයන් පිරිසක් මෙන් දෙපසට වැණින.

Sŋơw ʄrost ||YZ||Dove le storie prendono vita. Scoprilo ora