17- දින ගෙවී යාම

958 207 64
                                    

Black Eyes - 17

දින සති මාස ගනන් ගෙවිලා ගියා.. මගේ රන් බබාගේ ඔලුවේ කැක්කුම එන්න එන්න වැඩි මිසක් අඩු උනේ නෑ.. මම හැමදාම මගේ කොල්ලා විඳවනකොට අඩන්න හුරු උනා..  මගේ කොල්ලා ඔලුව බදාගෙන අඩනකොට මගේ පපුව පලාගෙන මැරිලා යන්න තරම් වේදනාවක් මට දැනුනා.. එයාගෙයි මගෙයි කැම්පස් ගමනත් එයාගේ ලෙඩේ එක්ක නැවතිලා තිබුණා.. හරියටම මාස එකාමාරක් අදට...
මම ඩොක්ටර්ස්ලා 05 දෙනෙක් චැනල් කරා.. අපේ කැම්පස් එකේ ප්‍රොෆෙසර්ගේ හොඳම යාලුවෙක්වත් චැනල් කරා... අන්තිමට එයාලා හැමෝගෙම උත්තරය මගේ රන් බබාට ලෙඩක් නෑ කියන එකයි....
ඒත් දවසින් දවස මගේ වස්තුව දුර්වල වෙද්දී මම මගේ බඩටත් කෑමක් ආසාවෙන් ගත්තේ නැ... මට දැනුනේ උගුරෙන් පහලට කෑම ටික යනවා විතරයි....
මගේ මැණික හැමදාම මාව බදාගෙන අඩද්දී මගේ ඇස් දෙක මට උගුල්ල ගන්න තරම් වේදනාවක් උනා...
ඒත් දවසක් කැම්පස් එකේම යාලුවෙක් මට දෙයක් කිව්වා..

" අඩෝ හිරුජ උඹ මොකෝ මෙහෙ..??"

"මම අභිරු එක්ක ආවේ  බන්..??"

" හ්ම්ම්.. මට ආරංචියි.. අපේ පපා මට කිව්වා අපේ ලෙකාගේ ගෝලයෙක් නිසල් අංකල්ගෙන් ට්‍රීට්මන්ට් කරනවා කියලා.."

නෙතුම් කියන්නේ අපේ කැම්පස් එකේ එක බැජ් එකේ කොල්ලෙක් .. එයාගේ පපාත් වැඩ කරන්නේ මං අභීට චැනල් කරපු ඩොක්ටර් ඉන්න වෝඩ් එකේමයි... එයා කන සම්බන්ධ ස්පෙෂලිස්ට් කෙනෙක්...

" දැන් අඩුවක් තියනවද හිරුවෝ.."

" අනේ මංදා නෙතුම්... මගේ කොල්ලා පිස්සු හැදෙන තරමට විදෝනවා.. මට දරාගන්න බෑ බන්..."

අපි ගැන නෙතුම් දන්නෙ නැති උනත් එදා මගේ කඳුළු නෙතුම්ට අපේ සම්බන්ධය මොනවගේ එකක් ද කියලා සාක්ෂි දැරුවා...

" අහපන්කෝ... මම උඹට දෙයක් කියන්නම්.. ඒත් ඒක විශ්වාස කරන්න බෑ තමයි..."

දැන් මම පිදුරු ගහක හරි එල්ලෙන මූඩ් එකක හිටපු නිසා මං මේ ලෝකේ පීරලා මගේ මැණිකව සනීප කරගන්න පුළුවන් සේරම දේවල් කරන්න හිතාගෙ
න ඉවරයි....

" අනේ නෙතුම් ඕනි දෙයක් කියපන්... මම මගේ මැණිකව සනීප කරගන්න පුළුවන් නම් මගේ පන ටික හරි දෙනවා බන්... මට මගේ කොල්ලා මෙහෙම විඳවනවා දකින්න බෑ මචං ඒ මගේ පන බන්.. ප්ලීස්...."

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now