➪10🔞

2.3K 303 119
                                    

මහාචාර්ය ජොන්ගෙ පැය හතරක දේශනය නිමා වෙනවත් එක්කම දේශනය සඳහා සහභාගී වුන සිසුන් දේශන ශාලාවෙන් පිටව ගියා.හැමදාමත් වගේ ජිමින් අදත් එයාගෙ පොත් ටික බෑග් එකට හිමින් සීරුවෙ අඩුක් කරන්න ගත්තේ තමන්ගෙ ඉස්සරහා මේසය උඩ වාඩි වෙලා ඉන්න තරුණ මහාචාර්යවරයා දිහා බලාගෙන.

" ජිමිනා..මං යන්නද...?"

ටේහ්‍යුන්ග් ජිමින්ගෙ කණට මිමිණුවා.ජිමින් සනසවන බැල්මක් එක්ක  ඔලුව වනද්දි ජිමින්ගෙ උරහිසට තට්ටුවක් දැම්ම ටේහ්‍යුන්ග් ඇහැක් ගහගෙනම දේශන ශාලාවෙන් පිටත් වෙලා ගියේ ජිමින්ව මහාචාර්යවරයා එක්ක තනි කරලා.

ජිමින් බෑග් එක එල්ලගෙන මහාචාර්යවරයා ළගට එද්දි තරුණ මහාචාර්යවරයා දේශන ශාලාවෙන් පිට වෙලා ගියේ ජිමින්ව සතපහකට වත් මායිම් නොකර.

' ඒ..එයා යනවනෙ..එයාට මාව පේන්නැද්ද..?'  ජිමින් බෑග් එකේ පටිය මිරිකගෙන දේශන ශාලාවෙ දොර දිහා බලාගෙන හිටියෙ බලාපොරොත්තු කඩ උනා වගේ බැල්මකින්.

තත්පර කිහිපයක් තරහින් දොර දිහා බලාගෙන හිටිය ජිමින් දේශන ශාලාවම දෝංකාර නංවන අඩි සද්දයක් එක්ක ශාලාවෙන් ඉවතට දිව ගියා.

' අද නම් ඔයාව මිස් කරගන්නෑ ප්‍රොෆෙසර්..මේ ජිමින්ගෙන් බේරෙනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්..' ජිමින් හිතට ආත්ම ධෛර්යය අරන් ඉක්මන් අඩි තියමින් කොරිඩෝව දිගේ ඇවිදගෙන මහාචාර්යවරයා පිටුපස ඇදුනා.

" ප්‍රොෆෙසර්..!! ප්‍රොෆෙසර් ජොන්.. ඔහොම නවතින්න.."

ජිමින් කතා කලත් මහාචාර්යවරයා කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියා.එයාට නම් ජිමින් කතා කරනවා ඇහුනෙ නැති පාටයි..ඇහුනත් නෑහුනා වගේ යනවද කියලා කවුද දන්නෙ..?

" ප්‍රොෆෙසර්.. ප්ලීස් ස්ටොප්.. ප්‍රොෆෙසර් ජොන්.....!!!!"

මහාචාර්යවරයා කොරිඩෝව කෙලවරේ තිබුන එයාගෙ කාමරයට ඇවිත් දොර වහගත්තා.ජිමින් දොරට ළගට ඇවිත් හති යවන්න ගත්තෙ ප්‍රොෆෙසර් ජොන්ට හිතින් බනිමින්.

ජිමින් දොරට තට්ටු කලා..

" කමින්.." කාමරේ ඇතුලෙන් ඇහුන මහාචාර්යවරයගෙ කටහඬත් එක්ක ජිමින් යටිතොල හපාගෙනම කාමරේ ඇතුලට ගියා.

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now