➪22

1.5K 304 140
                                    

ඊයෙ රෑ වෙච්චි දේවල් එකින් එක මතකෙට එනකොට තව තවත් පොරෝනය අස්සට ගුලි වුන ජිමින් තව තවත් කම්මැලි වෙමින් කොට්ටයක් බදාගත්තා..ලාවට ඇස් ඇරලා ඔරලෝසුවෙන් වෙලාව බලලා ජිමින් ආයෙමත් ඇස් පියාගෙන නින්දට වැටුනෙ අද හරිම කම්මැලි දවසක් වගේ එයාට දැනුන හන්දා.

උදේ දහය පහුවෙලා තිබුණත් ජිමින්ට හරි හැටි බඩගින්නක් ඇවිත් තිබුණෙ නෑ.අනික අද නිවාඩු දවස නිසා එයා අලසවම ඇඳ උඩ එහාට මෙහාට පෙරලුනේ අද මුකුත් විශේෂ වැඩක් කරන්න තියේද කියලා මතක් කරමින්.

කොහොමින් කොහොම හරි උදේ වරුව ගෙවිලා ගිහින් හවස් වරුවත් ඇවිත් තිබුනා.ජිමින්ට අද හරිම මූසල දවසක් වගේ දැනෙන්න පටන් අරන් තිබුණත් ඒ ඇයි කියලා කියන්න තරම් නිශ්චිත හේතුවක් එයා දැනගෙන හිටියෙ නෑ.

සමහර විට ඉස්සරහට වෙන්න තියෙන දේවල් ඉවෙන් වගේ ජිමින්ගෙ හිතට දැනෙන නිසා ජිමින්ට අද දවස මූසල විදිහට දැනෙනවා වෙන්නත් පුලුවන්.

" පුතා..මෙහෙට එන්නකො..." ජිමින්ගෙ තාත්තා ජිමින්ට කාමරේට එන්න කියලා කතා කලා.සාලෙ හිටිය ජිමින් එයාගෙ ෆෝන් එකත් ඇගිලි තුඩු වලින් කරකවමින් තාත්තා කතා කලේ ඇයි කියලා බලන්න තාත්තගෙ කාමරයට ආවා.

" ඇයි...?"

" පුතා..මේ ස්ටැචූ එක අර වින්ඩෝ එක ලගින් තියන්න පුලුවන් ද..?"

මිස්ටර් පාක් තමන්ට එහායින් තිබුණ රන්පාට පිළිමයක් පෙන්නලා කිව්වම ජිමින් ඔළුව වනලා අතේ තිබ්බ ෆෝන් එක එතන තිබ්බ මේසෙ උඩින් තියලා තාත්තා කිව්ව විදිහටම රන් පිළිමෙ ජනේලෙ ළගින් තිබ්බා.හිතුවට වඩා ටිකක් ඒක බර නිසා ජිමින් කොන්ද අතගාන ගමන් තාත්තා දිහා බැලුවෙ තවත් මොනා හරි කරන්න තියේද කියලා.

" මේක..මේක අතනින් තියන්න..ඕක නම් පුංචි උනාට ගොඩක් බරයි.."

මිස්ටර් පාක් තවත් පිලිමයක් පෙන්නලා ජිමින්ට කිව්වා.ජිමින් ඒකත් මිස්ටර් පාක් තියන්න කියපු තැනින් තියලා ඒ පිලිමෙ දිහා බලාගෙන හිටියෙ ඒක ගොඩක් ආකර්ෂණීය නිසා.ඒක පිරිමියෙක් ගැහැනියෙක්ගෙ නළල සිපගන්න ආකාරයෙ පිළිමයක්.

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now