➪16

1.4K 296 134
                                    

ජිමින් හිටියෙ මහාචාර්යවරයගෙ ඇඳ උඩ නිරුවතින්.බිත්තියෙ එල්ලලා තිබුන ඔරලෝසුවෙ වෙලාව රත්‍රී එකොළහ හමාරයි කියලා සඳහන් වෙලා තිබුණා.කාමරය පුරා පැතිරිලා තිබුණෙ ඝන අන්ධකාරයක්.

මීට පැයකට පමණ කලින් ජිමින්ගෙ ශරීරයෙන් ඉවත් වුන මහාචාර්යවරයා එයාගෙ පෞද්ගලික වැඩකට කාර්යාල කාමරේට ගියේ ජිමින්ගෙ නළලට දීර්ඝ හාද්දක් තියලා..ජිමින්ට ඒ හාදුව ඇතුලෙ ආරක්ෂිත බවක්, රැකවරණයක්, උණුසුමක් වැනි හැඟීමක් දැනෙන්න පටන් අරන් තිබුණා.එයාගෙ එකඳු පෙම්වතෙක්ගෙන්වත් පෙම්වතියකගෙන්වත් නොලැබුණු තරම්..

නින්ද අහලකවත් පැමිණිලා නොතිබුණු ජිමින් ඔරලෝසුවෙ කටු කැරකෙන දිහාවට ඇස් යොමු කලේ නින්ද එයා අසලට ඒවි යන බලාපොරොත්තුවෙන්..

ටිකකින් කාමරේ දොර ඇරිලා ආයෙමත් වැහෙනවත් එක්කම ජිමින් ඒ දිහාවට ඇස් අරගෙන ගියා.කලුවර අතරින් ගමන් කරපු මහාචාර්යවරයගෙ ඡායාව කාමරේ බැල්කනිය දිහාවට ගියා..

' මෙයා නිදාගන්නැද්ද..? ' ජිමින් හිත ඇතුලෙන් ප්‍රශ්න කරලා ඇඳ උඩ වාඩිවෙලා ඇඟේ පතේ හිරි යවන්න ගත්තා.

එයාගෙ රෝස පාට සිදුර පැය ගානක ලිංගික එකතු වීම් නිසා වේදනා දෙනවා.

ඇඟේ නූල් පොටක්වත් නැතිව අමාරුවෙන් ඇඳෙන් බිමට කකුල් දාගෙන නැගිටගත්ත ජිමින්  සඳළුතලේ දිහාවට ඇවිද්දා.

ජන්ග්කුක් හිටියෙ අහස දිහා බලාගෙන..

තට්ටු විසිපහකින් සමන්විත වෙලා තිබුණ නිවාස සංකීර්ණයෙ මහාචාර්යවරයෙ නිවස පිහිටලා තිබුනෙ විසිවෙනි මහලෙ..

අහසෙ වලාකුළු අඩු ගතිය නිසා හඳ පායලා තිබුනත් හදේ එළියෙ මද බවක් තිබුනෙ වටේටම මීදුම පැතිරිලා තිබුණ නිසා.

සදළුතලේට අඩිය තියනකොටම ඇඟේ හිරිගඩු පිපෙන තරමට දැනුන දැඩි සීතල නිසා ජිමින් අත් දෙක බැඳගත්තා..තව ටිකකින් සීතලට එයාව වෙව්ලාවී..

" ඔයා නිදාගන්නැද්ද...?" ජිමින් අහනවත් එක්කම ගැස්සිලා ගිය ජන්ග්කුක් ආයෙමත් ගරාදි වැටට බර වෙලා අහසට ඇස් යොමු කලා.

" ඔයාට සීතල නැද්ද මෙතන ඉන්නෙ...?" මහාචාර්යවරයගෙන් පිලිතුරක් නැති තැන ජිමින් ඇහුවා..

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now