➪19

1K 291 113
                                    

ඊයෙ රෑ සිද්ද වුන දේවල් එකින් එක මතක් කරන ගමන් ජිමින් විශ්වවිද්‍යාලය ඇතුළට ගමන් කලා.කොච්චර මත් වෙලා හිටියත් රෝස් එක්ක ගත කරපු හෝරාව ජිමින්ගෙ මනසින් මැකිලා නොතිබුණ එක ගැන ජිමින් පසුතැවුනත් ආයෙමත් ඒ සිතුවිල්ල හිතින් අයින් කරගන්න උත්සාහ කලේ රෝස් තමන්ගෙ යටට වෙලා නිරුවතින් කෙදිරිගාපු විදිය කොච්චර සරාගීද කියලා මතක් වෙද්දි.ජිමින්ට අනුව රෝස්ගෙ කිසිම අඩුපාඩුවක් නැති තරම්..

මඟදි හමුවුන ටේහ්‍යුන්ග් එක්ක කිසිම කතාවක් නොකරම ජිමින් කැෆටේරියා එකට ඇවිදගෙන ගියේ ටේහ්‍යුන්ග්ව පුදුම කරලා..ටේහ්‍යුන්ග් කතා කරන්න උත්සහ කලත් ජිමින් කිසිම ප්‍රතිචාරයක් නොදක්වම මේසෙකින් වාඩි වුනා.

" උබට අසනීපයක් ද..?" ජිමින්ගෙ මූණ දිහා විනාඩි කිහිපයක් බලාගෙන ඉදලා ටේහ්‍යුන්ග් ඇහුවා.ජිමින් ඒත් සද්ද නෑ..

" ඕයි ජිමිනා...මොකද උනේ.." ජිමින්ගෙ අතකින් අල්ලගත්ත ටේහ්‍යුන්ග් ටිකක් සද්දෙන් අහනවත් එක්කම මෙච්චර වෙලා බිමට යොමු වෙලා තිබ්බ ජිමින්ගෙ ඇස් ටේහ්‍යුන්ගෙ ප්‍රශ්නාර්ථ ඇස් වල ගැටුනා.

" අහ් මෝනින්..."

" උබට උණද.. නැත්තං බූස්ටර් සයිඩ්ඉෆෙක්ට්ස් ද..?" ටේහ්‍යුන්ග් ජිමින්ගෙ නළලටත් අත තියලා අහද්දි ජිමින් ටේහ්‍යුන්ගෙ අත අයින් කරලා දැම්මා.

" ඈහ්...? මොනාද කියන්නේ උබ.."

" මොනාද ඔච්චර කල්පනා කරන්නේ..මටත් කියහන් දෙන්නත් එක්කම කල්පනා කරන්න.." ටේහ්‍යුන්ග් අත් දෙක බැඳගෙන පුටුවට හේත්තු වෙලා ඇහුවෙ හෙනම සීරියස් විදියට.ජිමින් ඔලුව දෙපැත්තට වැනුවෙ මුකුත් නෑ කියලා.

" හ්ම්.. කියන්න ඕන උනාම කියපන්..හිර කරගෙන ඉන්න එපා.."

ජිමින් ඔලුව වනලා මේසෙන් නැගිටලා ගිහින් කෑම ඕඩර් කලා.. කොච්චර ගෙදරින් කෑවත් කැෆටේරියා එකෙන් නොකා ඉන්න බැරි එක දෙන්නටම ලෙඩක් වෙන්නැති මං හිතන විදිහට..

" ඊයෙ රෑ පාටියෙදි උබ පැයක් විතර මිසින් වෙලා හිටියා නෙහ්...මුල්ලකට වෙලා නිදාගත්තද...?" ඕඩර් කරපු කෑම ටික කන්න පටන් අරන් විනාඩි කිහිපයකට පස්සේ ටේහ්‍යුන්ගෙන් ප්‍රශ්නයක්..

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now