ආදර හබය

866 80 217
                                    


Namjoon's pov

අදත් උදෙන්ම නැගිට්ටේ වෙනදා පුරුදු මුහුනම දකින්න හිතාගෙන.ඒත්, හ්ම්..........එයා වෙනදා පුරුදු විදිහට මගේ පපුව උඩ හිටියේ නැහැ.

මම අතින් කොන්ඩෙත් අවුල් කරගන්න ගමන්ම නැගිට්ටේ ගොඩක් දුකින්.හිමින් bathroom එකට ගිහින් wash එකක් දාගෙන ටවල් එක ඉන වටේ ඇදගෙන එලියට ආවේ මාව මේ විදිහට දැක්කම ලැජ්ජාවෙන් රතු වෙන ඒ මූන දකින්න තියන ආසාවටමයි.

ඒත් එයා වෙනුවට හරි ලස්සනට පිළිවෙළට එයාගේ අතින්ම මැදපු මගේ ඇදුම් ටික අපේ ඇද උඩ තිබුනා.වෙනදා ඔය ඇදුම් ටික,

"ජූන්.......මොනවද ළමයෝ කරන්නේ? ඉක්මනට මේක ඇදගෙන එන්න.ඔයාට කන්න වෙන්නේ නෑ  නැත්නම් .අනේ මගේ කෝලා බෙයාර්....කෝ ඉක්මන් කරන්න.
නැත්නම් අදත් නොකා දුවයි studio 1ට"

මගේ දිහා බොරුවට ඔරවන ගමන් අතටම දීලා bathroom එකට තල්ලු කරන කෙල්ල එයා වෙනුවට තියෙන්නේ ඇදුම් ටිකක් විතරයි .

වෙනදා උදේට මේ කාමරේ මොන තරම් හිනාවෙන් පිරෙනවද? මම කරන පුන්චි පුන්චි විකාර විහිලුවලින් රතුවෙන ඔයා කෑගගහා මට ගහලා එලියට දුවන විදිහ,
ආයෙත් දුවගෙන ඇවිත් මගේ කම්මුලින් හරි ආදරෙන් හාදුවක් තියලා දුවන විදිහ මේ හැමදේම නැතුව මට පාළුයි මගේ රූ...........

වෙනදා මේ ඇද උඩ මගේ පපුවට තුරුල් වෙලා මොන තරම් හුරතල් කතා කියනවද ඔයා....
මොනතරම් මහන්සිවෙලා ආවත් ඔයා මුලින්ම මගේ ඔලුව ඔයාගේ උකුලට අරගෙන හරි ආදරෙන් අතගගා මම කියන හැමදේම අහගෙන ඉන්න විදිහ......
මගේ හැම ප්‍රශ්නෙකටම මට නොපෙනෙන උත්තර හොයලා දෙන ඔයා.......
අද මට පේන්නවත් නැහැ රූ...........

I really miss my princess ................
මම ලැහැස්තිවෙලා ලොකු හුස්මක් පහලට දාලා ආවේ උදේ කෑම කන්න.

වෙනදා මේ පඩිපෙලේ මම එන්නේ තනියම නෙවෙයි.ඔයාව කරේ තියාගෙන එන්නේ ඔයා කෑ ගහද්දිමයි.එහෙම නැත්නම් ඔයාව මේ අත් දෙකෙන් වඩාගෙන එන්නේ හිනාවෙවී මගේ දිහා ගොඩක් ආදරෙන් බලන් ඉදිද්දිමයි.

මම එද්දිත් කෑම මේසේ මම ආසම කැම වලින් පිරිලා ඉවරයි.ඔයා පුරුදු විදිහට කුස්සියේ දුව දුව අස් කරන්නේ ඉක්මනට හොස්පිටල් එකට දුවන්න.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now