අහඹු සමීපය

422 64 251
                                    

Namjoon's pov

මොනතරම් කල් ගියත් තවමත් එදා මම දැක්ක තරම්ම එයා ලස්සනයි.
දිගම දිග කොන්ඩේ bun එකක් දාගෙන,එහෙට මෙහෙට දුවන මගේ පොඩි කෙල්ල.
මම හිමින් එයාගේ ළගට ගිහින් එයාව back hug කරලා එයාගේ උරහිසින් මගේ නිකට තියාගෙන එයාගේ මූන දිහාම බැලුවා.එකපාරටම වුන දෙයින් එයා පුදුම වෙලා මගේ දිහා බැලුවා.

තවමත් පුදුම වෙද්දි ලොකුවෙන ඇස් දෙක තවත් හුරතල් පාටයි.
"මියාහනයෝ රූ........." මම එයාගේ ඇස් දිහා බලන් කිව්වත් ඉක්මනට බිම බලන් කප කප හිටපු එළවළු ටික ආයෙත් කපන්න ගත්තා.

මම ගැන ගානක්වත් නැද්ද? මම ඒ මුන දිහාම බලන් හිටියත් එයාට ගානක්වත් නෑ . නලල ළඟින් වැටෙන පොඩි කොන්ඩ කෑල්ල අතින් කන පිටිපස්සේ රදව රදව ඒයා වැඩ.මම බල කරපු නිසමයි එයා ඒ පුන්චි කොන්ඩ කෑල්ල කැපුවේ.මම හිමින් ඒ කොන්ඩ කෑල්ල එයාගේ කන පිටිපස්සේ රැදෙව්වා.මොහොතකට කරන වැඩේ නැවැත්තුවත් ආයේ ගානක්වත් නැතුව එයා එළවළු කපනවා.

මම ලොකු හුස්මක් අරන් මේසේ ලගට ගියේ එයාට ගෙනාපු තෑග්ග ගේන්න.ඒ ටිකට එයා කෑම ටික හදලා මේසෙට ගෙනාවා.ආයේ කුස්සියට යන්න හැරෙද්දිම මම එයාගේ අතින් අල්ල ගත්තා.

"රූ princess look what I have brought u today.ur fav author's book.here........
It's 4 my lovely cute wifey from ur dumb husband ." මම එහෙම කියලා එයා ආසම මගේ dimple හිනාවත් පෙන්නලා ඒ පොත එයාගේ අතින් තිබ්බේ කෙල්ල පුදුමවෙලා මගේ දිහා බලන් ඉදිද්දි.

"කෝ ඉතින්,ආස නැද්ද පොතට?" තවමත් මගේ දිහා පුදුමෙන් බලන් ඉදිද්දි මම ඇහුවා.

එයා එකපාරටම පොත දිහා බැලුවා.ඒ ඇස් සතුටින් දිලිසෙනවා.මම දන්නවා ඔයා ආස බව.ඊළඟට මාස එකහමාරකට පස්සේ ඔයා හිනාවෙලා මගේ දිහා බැලුවා.ඒකත් පොඩිම පොඩි හිනාවක්.මට නම් ඊට වඩා සතුටක් නෑ .

"Thanks." ඔව්, ඒක විතරමයි ඔයා කිව්වේ.පොතත් තුරුල් කරගෙන ඔයා කාමරේට දිව්වා.මම හොදටම දන්නවා දැන් ඕක කියවලා මිසක් ඔයා කන්නේවත් නැතිබව.ඒත් thanks විතරද කියන්නේ? වෙනදා සතුටින් උඩ පැනලා මගේ lips වලට peak එකකුත් තියලා මාවත් ඇදගෙනයි ඔයා දුවන්නේ.ඔයා ආස මගේ තුරුලේ ඉදන් පොත් කියවන්න.ඔයා මට තුරුල්වෙලා ඉදිද්දි මම ඒ පොත් ඔයාට ඇහෙන්න කියවද්දි ඔයා හරි සතුටින් අහන් ඉන්නවා.ඒත් අද..............
හ්ම්...කමක් නෑ නම්ජූනා.....
අඩුගානේ හිනාවෙලා එක වචනයක් හරි කිව්වනේ.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now