අවසානය 😪

332 55 256
                                    

නම්ජූන් දොර ඇරගෙන යද්දිත් රූහි කාමරේ ජනේලෙන් එලිය බලාගෙන ජනෙල් පඩියට ඔලුව තියාගෙන බලාගත්ත අත බලන් ඉන්නවා.

රූහිත් නොදන්නවා ඇති රූහිගේ ඇස්වලින් කදුලු ගලනබව..................

නම්ජූන් රූහි ළගට හිමින් ඇවිදගෙන ගිහින් රූහි ළගින්ම වාඩිවුනා.

නම්ජූන් හිමින් රූහිගේ ඔලුව අතගාන්න ගත්තේ රූහි නම්ජූන් දිහා කදුලු දිලිසෙන ඇස්වලින් බලලා ඒ පපුවට තුරුල්වෙද්දි.

"නින්ද ගියේ නැද්ද මගේ princessට?" නම්ජූන් රූහිගේ ඔලුව අත ගාන ගමන් රූහිව එක අතකින් තුරුල් කරන් අහද්දි රූහි බලාගත්ත අතම බලන් නැහැ කියන්න ඔලුව වැනුවා.

"ආයෙමත් Nightmaresද?" නම්ජූන් හිතට දැනෙන බර ගතියත් එක්ක ඇහුවා.

රූහි ආයෙමත් ඔව් කියලා ඔලුව වැනුවේ කලින් හිටපු විදිහටමයි.

"දැන් නිදාගන්න මැනික,මම ළග ඉන්නවා.අපි ඉක්මනට ගෙදර යමු" නම්ජූන් රූහිගේ හිස් මුදුනින් හාදුවක් තියලා ඔලුව අත ගගා කියද්දි රූහි එහෙමම ඇස් පියා ගත්තා.ඒත් රූහිට නොදැනි ඒ වැටෙන කදුලු තවමත් ඒ ඇස්වලින් වැටුනේ නම්ජූන්ගේ හිතට තවත් බර වැඩි කරලා.

නම්ජූන්ට එහෙම වැඩිවෙලාවක් ඉන්න වුනේ නෑ .රූහි ඉක්මනින්ම නින්දට වැටුනේ නම්ජූන්ගේ පපුවට තුරුල්වෙලා.

"Sleep tight my princess, once again that *&%&* broke u down.bt I'm here babe.plz don't cry plz .plz fight back as always.I love u  " නම්ජූන් සනීපෙට එයාගේ තුරුලේ නිදන් ඉන්න රූහි දිහා ආදරෙන් බලලා කියලා රූහිවත් වඩාගෙන ගෙදර යන්න එලියට බැස්සා.

නම්ජූන්ට ගුලිවෙලා තවමත් නොනවත්වා කදුලු වැටි වැටී අඩන  නිදන් ඉන්න රූහිව දකිද්දි හැමෝම නැගිටලා නම්ජූන් වටේ එකතුවුනා.

"නින්ද ගිහින්ද?" යුන්ගි රූහිගේ ඔලුව අතගාලා කිව්වා.

"හ්ම්.......දැන් ටිකකට කලින් නින්ද ගියා." නම්ජූන් රූහි දිහා බලන්ම කිව්වා.

"එතකොට උබ යද්දි නිදි නැද්ද?" හෝසොක් අහද්දි නම්ජූන් නෑ කියන්න ඔලුව වැනුවා.

"තවම අඩනවා." යුන්ගි වැටෙන කදුලු පිහිදලා කියද්දි නම්ජූන්,

"එයාත් දන්නේ නෑ හ්‍යුන්ග්.එයාත් දන්නේ නෑ " කිව්වා

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now