සැබෑ මුහුන

267 47 128
                                    

Author's  pov

"සමාරා...බබා....අහන්න.කලබල වෙන්න එපා.රූට තරහ...."යුන්ගි තරහෙන් බඩු pack කරන සමාරාට කිව්වා.

"ඔප්පා.......මොනවද ඔයා කියන්නේ ආ....
තරහ මටත් තරහ යනවා.මොකක්ද අර කියපු කතාව ආ.....
I have a self respect යූන්.....
මම තව එක තත්පරයක් මේ වහල යට ඉන්නේ නෑ .ඔයාගේ කැමැත්තක් කරන්න ඔප්පා.නන්ගිගෙයි අයියාගෙයි අතරට මම එන්නේ නෑ .ඔයාගේ කැමැත්තක් .මම යනවා."
සමාරා pack කරගත්ත bag එකත් අරගෙන කාමරෙන් එලියට ආවා.
ඒ එක්කම එලියට ආපු යුන්ගි සමාරාගේ අතින් අල්ලගත්තා.

"සමා......අහන්න.මොන දේ වුනත් මතක තියාගන්න කවදාකවත් මම ඔයාව තනියම යවන්නේ නැතිබව.යන ගමනක් යන්නේ අපි දෙන්නම.යමු.කෝ දෙන්න මම ගන්නම් bag එක." යුන්ගි ගොඩක් ආදරෙන් සමාරාට කියලා නලලට හාදුවකුත් දුන්නේ එක අතකට bag එක ගන්න ගමන්.

"ඔන්නි.....අනේ....අහන්න යන්න එපා..." නාරි දුවගෙන ඇවිත් සමාරාට කියද්දි කෙල්ල යන්තමට හිනාවෙලා ඔලුව වැනුවේ තීරණය වෙනස් කරන්නේ නෑ කියන්න වගේ.

නම්ජූන්ගේ ජිමින් නාරිගේ අසරණ ඇස් දිහා බලාගෙනම මින් couple එක ඒ ගෙදරින් එලියට බැස්සේ රූහිට එයාගේ යාලුවා නැත්තටම නැතිකරලා වගේම එයාගේ අයියාවත් දුරස් කරලා.

"නම්ජුනී හ්‍යුන්ග්....." හිමින් හිමින් නලලත් අතගගා ඉන්න නම්ජූන් ළගට ලන්වුන ජිමින් කියද්දි නම්ජූන් ජිමින් දිහා බැලුවා.

"කියපන් ජිමිනා,"

"නූනාට මොකද වෙලා තියෙන්නේ හ්‍යුන්ග්"

"මමත් දන්නේ නෑ ජිමිනා....මට මගේ කෙල්ලව ගෙනත් දීපන් බන්.මේ මගේ රූහි නෙවෙයි.උබේ නූනා නෙවෙයි ජිමිනා."නම්ජූන් වේදනාවෙන් ජිමින්ගේ අතින් අල්ලගෙන කියලා එලියට යන්න ගියා.

"හ්‍යුන්ග්........"

"කියපන්...."

"බොන්න ඕන නම් යමු.තනියම යන්න එපා.මම එන්නම්.drive කරන්න කෙනෙකුත් නෑනේ." ජිමින් සන්සුන්ව කිව්වේ මේ වෙලාවේ නම්ජූන්ව තනිකරන එක කරන්න හොදම නැති දෙයක් නිසා.

ගෙදරින් ටික දුරකට වාහනේ අරගෙන යන ජිමින් සැරින් සැරේ බැලුවේ වීදුරුවෙන් එලිය බලාගෙන සද්දයක්වත් නැතුව ඉන්න නම්ජූන් දිහා.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now