නොසිතූ කැළඹීමක්.

297 57 54
                                    

Author's pov

"රූ......................................."

එහෙම කියාගෙන කෑගහගෙනම නම්ජූන් ඇතුලට ආවත් සමාරා දුවගෙන ඇවිත් සද්ද කරන්න එපා කිව්වම නම්ජූන් ඉක්මනින් කට වහගත්තත් වේගයෙන් එහා මෙහා වෙන කොල්ලාගේ ඇස්වලින්ම පේනවා මොනතරම් බයකින්ද,වේදනාවකින්ද කොල්ලා ඉන්නේ කියලා.
සමාරාගේ අතකින් අල්ලලා කොහෙද රූ කියලා නම්ජූන් හිමින් ඇහුවම සමාරා ඇස්වලින් ඉගි කරලා  සෝෆා එක පෙන්නුවා.

ඒ සැනකින්ම නම්ජූන් සෝෆා එක ළගට දිව්වා.නම්ජූන් දැක්කේ කුරුලු පැටියෙක් වගේ යුන්ගිට තුරුල් වෙලා ජිමින්ගේ අතිනුත් අල්ලගෙන නිදාගෙන ඉන්න එයාගේ රූහිව.නම්ජූන් කදුලු පිරුණු ඇස් දෙකෙන් යුන්ගි ළගට ගියා.

නම්ජූන් දැකපු යුන්ගි වගේම ජිමිනුත් බර හුස්මක් පිටකලා.
හිමින් යුන්ගි ළඟින් දන ගහපු නම්ජූන් රූහිගේ ඔලුව ආදරෙන් අත ගාද්දි ජිමින් ඉගිකලේ සෝෆා එකෙන් වාඩි වෙන්න කියලා.

සෝෆා එකෙන් වාඩි වුන නම්ජූන්...,

"හ්‍යුන්ග්,........." ඇහෙන නෑහෙන ගානට මිමිනුවම යුන්ගි ජිමින්ගෙත් උදවු ඇතුව නම්ජූන්ගේ අත් අතරින් රූහිව තිබ්බා.

"කුමාවෝ හ්‍යුන්ග්.........කුමාවෝ ජිමිනා......කුමාවෝ.....
මගේ කෙල්ලව බලාගත්තට........." නම්ජූන් තමන්ගේ තුරුලේ සැපට නිදන් ඉන්න කෙල්ලගේ නලල තදින් සිපගන්න ගමන් මිමිනුවේ කොල්ලාගේ ඇස්වලින් උනු කඳුළක් වැටෙද්දි.

"නම්ජූනා....උබ ශක්තිමත් වෙයන්.කඩන් වැටෙන්න එපා.මතක තියාගනින්.මේ ඉන්නේ මගේම ලේ නොවුනත් මගේම නන්ගි බව.ඒ වගේම උබ මගේ මල්ලි බවත්." යුන්ගි නම්ජූන්ගේ ඔලුව අත ගගා කිව්වම නම්ජූන් ඔලුව වැනුවා.

"හ්‍යුන්ග්.....නූනා මාව බලාගත්තේ එයාගෙම දරුවෙක් වගේ. මේ මගේ වාරේ." ජිමින් පුන්චි හිනාවකින්ම කිව්වම නම්ජූනුත් ඒකට හිනාවකින්ම උත්තර දුන්නා.

ඒ එක්කම මේ තරම් වෙලාවක් කුස්සියේ හිටපු  සමාරා ටේ ජන්ග්කුක්  වගේම දැන් ආපු හෝසොක්තුත් සාලෙට ආවා.
යුන්ගි ජන්ග්කුක්ගේ ඔලුව අත ගගා එයාගේ ළඟින් වාඩි කර ගද්දි ජිමින් ටේගේ උරහිස වටේ අත දාලා ටේ ලගින්ම වාඩිවුනා.
යුන්ගිගේ ඉඟිය තේරුම් ගත්ත හෝසොක් ජන්ග්කුක්ගේ අනිත් පැත්තෙන් වාඩිවෙද්දි  සමාරාත් ටේගේ ළඟින් වාඩිවුනා.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now