සසලවීම

306 54 45
                                    

Namjoon's Pov.

රූව හොස්පිටල් එකෙන් drop කරලා මම කෙලින්ම ආවේ යුන්ගි හ්‍යුන්ග්ගේ production house එකට.මේ දවස්වල අපි දෙන්න හොබා එක්ක එකතුවෙලා අලුත් වැඩක් කරගෙන යන නිසා ගොඩක් වෙලාවට කාලේ ගෙව්වේ එකට.

අද රූ එක්ක ගත කරපු කාලේ මතක් වෙලා නිකම්ම මගේ මූනට හිනාවක් ආවා.ඒ මොනවා වුනත් අර කැහැටු හිකනලාට නම් වැඩක් දෙන්නම ඕන.පොඩි එවුන් සෙට් එකට කතා කරානම් හරි.

මම ඒ ගමන්ම කුකියට msg එකක් දැම්මේ හවස්වෙලා අනිත් රයිනායි සූකරයයි එක්ක මේ පැත්තේ ඇවිත් යන්න කියන්න.

"ඕයී......ඕයී.......ඈ බොල මී වස්සෝ........." එක පාරටම පූසෙක් කෑ ගහනවා වගේ ඇහුන නිසා මම පොඩ්ඩක් වටපිට බැලුවම තමා දැක්කේ.

යුන්ගි හ්‍යුන්ග් තඩි file එකක් අරගෙන මගේ ඔලුවටම aim කරගෙන ඉන්නවා.

"😁😁 හ්‍යුන්ගී මගේ උම්මා කැටේ මොකෝ මේ?"

"හී..හී....තමා එන්න එපා විරිත්තගෙන තෝ හැකරැල්ලා.මම මෙහේ උගුර ලේ රහ වෙනකම් තොට කෑ ගහනවා.තෝ මනෝ ගහනවා.අම්මපා හොබ්බාවත් නෑනේ.මගේ පොඩි එකී මූ එක්ක කොහොම වසනවද මන්දා." හ්‍යුන්ග් අතේ තිබ්බ file එක හයියෙන් මේසේ උඩට අත ඇරලා රව රවාම කිව්වා.

"යා.....යා....හ්‍යුන්ග් මොනාවුනත් මම මගේ කෙල්ලව පරිස්සම් කරනවා.ඔයා දන්නවනේ."

"හ්ම්..හ්ම්ම්....මම දන්නවා.මේ ප්‍රශ්න එහෙම දාගත්තේ නෑනේ අද ගිහින්.සමා නම් කිව්වා ඔක්කොම websites clear කලා කියලා." හ්‍යුන්ග් මගේ දිහා හැරිලා කිව්වම මම ලොකු හුස්මක් පිටකලා.

"අවුලක් නම් දාගත්තේ නෑ .ඒත් අර සෙවලයට නම් පාඩමක් කියලා දෙන්න වේවි." මම අතේ ඇගිලි පොඩි කරන ගමන් කියද්දි හ්‍යුන්ග් කට කොනින් හිනාවුනා.

"මටත් තියනවා එකෙක්ගේ ඇටකටු පොඩි කරන්න.එක *&&%ක්  මගේ angelට love letters එවනවා.මම ඕකට......."හ්‍යුන්ග්  දත් මිටි කන විදිහට නම් ඒ අදාල එකගේ අනාගතේ නම් ඉතුරු වෙන එකක් නෑ වගේ.

අපි කතා කර කර ඉදිද්දි හොබ්බාත් ආව නිසා අපි වැඩ ටිකට full focuse කලා.

එකපාරටම studio එක ඇතුලට කඩා පාත්වුනේ කුකියා.

"හ්ම්....හ්ම්.....හ්....හ්‍යුන්ග්......." කුකා හති ඇර ඇර දනිස් දෙකත් අල්ලගෙන කියවද්දි අපි තුන්දෙනාම බයටම පුටුවලින් නැගිට්ටා.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now