දෙදරායාම

325 54 65
                                    

Namjoon's pov

Flashback  resume .............................

"තමුසෙලාට පිස්සුද නෑ නෑ කීයටවත් අපි යන්නේ නෑ ." ජින් හ්‍යුන්ග් කෑ ගැහුවා.

"මොනවද හ්‍යුන්ග් අදට විතරනේ.අනික ඒක ජැකී හ්‍යුන්ග් අදුරන තැනක්.නැද්ද නම්ජූන් හ්‍යුන්ග්...අනේ....private suit එකක් book කරමු." ටේයියා මගේ දිහාත් බලලා කිව්වා.

"මොකක් අර අපේ ජැකියා.උඹලා මේ කියන්නේ අර පිස්සු jackson wang ගැන එහෙම නෙවෙයිනේ.
යා...............ඕකගේ නම් මම එන්නෙම නෑ ." මම කිව්වේ ජැකියාගෙ නම් ඕක, පිස්සු පොට් එකක් තමා ඒක sure.මම දන්නේ නැද්ද උගේ නට් කේස් එක.මොනා වුනත් හොද කොල්ලා.පොඩි කාලේ ඔලුව වැදිලා තියන upset එක ඇරුනම.

"මොනාද ඕයි.ජැකී හ්‍යුන්ග් හොද කොල්ලා.අනික නූනලා වුනත් හෙන fitනේ.යන්කෝ හ්‍යුන්ග්ලා අද විතරනේ.අනික පොඩි එකාගේ උපන්දිනේනේ." ජිමිනාත් මූන දෙක කරන් කියවනවා.

"ඇයි තොපිට club කෙරුවාව මදි වුණාද ආ.....?
එකෙක් අඩ අඩා පොරොන්දුත් වුනේ.ආ නෑ දෙන්නෙක්.ගුටිත් කෑවේ." යුන්ගි හ්‍යුන්ග් කුකී දිහායි ජිමිනා දිහායි රවලා කිව්වම දෙන්නගෙම මූනූ කලුවෙලා ගියා.

"මියාහනේ හ්‍යුන්ග් ආයේ අහන්නේ නෑ .මම ගෙදර යනවා.මට සමාවෙන්න." ජිමිනා හෙනම අවුලෙන් bag එක අතට ගත්තේ යන්න.
හිතලා නොකිව්වට ජිමිනාට හොදටම දුක හිතිලා.කොල්ලා කරපු ඒවට තවම කොල්ලා අපෙන් සමාව ඉල්ලන එකේ ඔහොම මූන එල්ලගන්න එක සාමාන්‍යයි.

"අ......කවුරුත් දැන් උබට බැන්නද ආ? මගේ හුරතල් මිනී......මොනි ඉදිද්දි කොහෙද යන්නේ ම්ම්...මෙහෙ වරෙන් කොටා.." මම ජිමිනාගේ බෙල්ල වටේ අත දාලා බදාගෙන කුචි කවද්දි කොල්ලා මගෙන් ගැලවෙන්න හිනාවෙවී දගලනවා.

මම හොරෙන් හොබී දිහා බලලා ඇස්වලින් ඇහුවේ මොකෝ කරන්නේ කියලා.

"හ්ම්.......හ්‍යුන්ග් තැනත් safe නම් කොල්ලෝ තුන් දෙනාගෙත් ආසාවනේ.පොඩ්ඩක් ගිහින් එමුද?" හොබ්බා ඇහුවේ ජිමිනාගේ හිත රිදුන නිසාමයි.ඒකටත් හරි අනිත් දෙන්නා කටවල් දෙකත් ඇරගෙන.

"අනේ මන්දා......යුන්ගියා නම්ජූනා උඹලා මොකෝ කියන්නේ?" ජින් හ්‍යුන්ග් අහද්දි මම කල්පනා කරන්න ගත්තා.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now