03. මිනීගෙ දිව්‍යලෝකේ

614 191 76
                                    

සත්දිනකට පෙර සවසක....

ආදරණීය ජන්ග්කුක්,

සුවදායකම හැඟීම් සමුදායකට ඇබ්බැහි වීම ප්‍රේමය නම් ඔබ මාගේ ප්‍රේමය වන්නේය. මා තුල වෙසෙන්නා වූ සුවදායකම හැඟිම් සමුදාය ඔබ ය. ප්‍රේමය හටගන්නේ හේතු විරහිතව නම් ඔබ මාගේ හේතු විරහිත ප්‍රේමය වන්නේය. මා කවුරුන්ද, මා ප්‍රේම කල යුත්තේ කාටද, මාගේ අභිප්‍රායන් මොනවාද යන සියල්ල මා හට ඔබ ඉදිරියේ අමතක වන්නේ නම්, වැදගත් නොවන්නේ නම් ඔබ මා හට ඒ සියල්ල අමතක කරවූ, ඒ සියල්ලම නොවැදගත් කල ප්‍රේමය වන්නේය.

මා අහේතුක ප්‍රේමයට ප්‍රේම කරමි . මන්ද ඒ හේතු නැතිවූ කල ප්‍රේමයේ ආයුෂ කෙටිවන බව බැවිනි. එහෙත් මම ඔබ වෙනුවෙන් හේතූන් 10ක් ඉදිරිපත් කරමි. මාගේ හේතුව අහේතුක වුවද ඔබට මා තේරුම් ගැනීමට එය වැදගත් වන බව මාගේ විශ්වාසයයි.

මා අද පටන් එකින් එක ඔබට ලියන්නෙමි. දසවන හේතුව පවසා අවසන් වන දිනයට පසු දින මම ඔබෙන් පිලිතුරු ලිපියක් බලාපොරොත්තු වෙමි.
සංගීත කාමරයේ වම්පස පිහිටි චෙරි ගස යටදී එදින සවස හතරට හමුවෙමු.

පළමුවන හේතුව ~
දෙකොපුල් මතට රත් පැහැය තවරන ඔබේ සිනාව නිසාවෙන් මා...

ඊව්ව්.... ඇති ඇති ජියොන් ප්ලීස්...
කවුද අප්පා ඔයාගෙ ටිං බෙලෙක්ක හිනාවට පිස්සු වැටුණ මෝඩ කොල්ලා... සෝ පැතෙටික්..." කකුලක් පිට කකුලක් දාගත්ත ජිමින් ජන්ග්කුක්ගෙන් ඇහුවා.

"කොල්ලා......??? යා මොනවද ජිමිනි කියන්නෙ මොන කොල්ලෙක්ද...." පැනික් වුණ ජන්ග්කුක් කෑ ගැහුවෙ බෙන්ච් එකෙන් නැගිටින ගමන්.

"ඉඳගන්න ජන්... හැමදේටම මෝඩයෙක් වගේ දඟලන්නෙපා..." ජන්ග්කුක්ව අතින් ඇදලා ආපහු තමන් ළඟින් ඉන්දවගත්ත ජිමින් කතා කරන්න පටන් ගත්තා

"කෝ මෙහෙ දෙනවා මේ බලන්න... 'මා කවුරුන්ද, මා ප්‍රේම කල යුත්තේ කාටද, මාගේ අභිප්‍රායන් මොනවාද යන සියල්ල මා හට ඔබ ඉදිරියේ අමතක වන්නේ නම්,
වැදගත් නොවන්නේ නම් ඔබ මා හට ඒ සියල්ල අමතක කරවූ, ඒ සියල්ලම නොවැදගත් කල ප්‍රේමය වන්නේය.' එයා ගෑනු ළමයෙක් වුණා නම් මම හිතන්නෑ එයා මේ වචන ටික ලියන්න උනන්දු වෙයි කියලා ජන්ග්කුකී. පැනික් වෙන්න එපා... එයා බෝයි කෙනෙක්" ජිමින් ජන්ග්කුක්ට පැහැදිලි කලේ ජන්ග්කුක්ගේ අත තද කරලා අල්ලගන්න ගමන්.

𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ] Where stories live. Discover now