⭕ ලස්සනම තෑගි

452 111 21
                                    

Comment on 𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ]  - (01)

"හැඳින්නෙමි හද ගැහෙන තාලය
මටම අවනත නොමැති සේ
දනිමි හඳුනමි නුඹගෙ ලෝකය
මටම ලියැවුණු බැව් එසේ

සුමුදු හයසින්ත් සුවඳ තැවරුණු
පෙමින් පෙඟවුණු ලිපි එසේ
නුඹගෙ හද මා නමට ලියැවුණ
පෙමක අරුමය හෙළි කලේ

සුමුදු බැල්මක කෝල වදනක
රැඳුණු සුරතල් ආදරේ
අහිමි කරගනු කෙලෙසකද මම
හදම නුඹටම ලියැවුණේ

පිලිගනිමි මම හද මගේ
නුඹ කෙරේ බැඳි ආදරේ
නිම නොවනු ඇත කිසි දිනේ
සුමුදු හයසින්ත් සුවඳ සේ.... "

- ජියොන් ජන්කුක් -
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Written By : Calixta_Zoe ♥️

ගොඩාක් ස්තුතියි පැටියෝ... ඒ වචන මාව ඇඬෙව්වා... කතාව වෙනුවෙන් මෙච්චර ලස්සනට වචන ගැලපුවට ඔයාට ගොඩක් ස්තුතියි...!!

මම ආදරෙයි 🥺♥️

……………………………………………………………

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

…………………………………………………………

Comment on 𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ] - (02)

"සිහින් මද නළ, සැඩ සුළඟ මැද්දෙන්
අතොරක් නැතිව හමා යන
අකාලයේ පිපී
මරණ මංචකය අභිමුව
මැල වී යන්නට පණ අදින
බිඳුණු හයසින්ත් මලක
මං මුළා වූ සුවඳ මම

ශීත, ග්‍රීශ්ම, සරත් සෘතූන් සිය දහසක් මැද්දෙන්
මියැදෙන්නට යන මගේ සුවඳ
කල්ප දහස් ගණනකට වියැකී නොයන සේ
ජීවමානව රඳවා තබාගන්නා වූ
උණුසුම් පපුතුරුළ නුඹ

ඉදින් සොඳුර,
ඉඩ දෙන්න මට
ඇලි හැමිල්ටන්,
නෝවා කැල්හෝන් ගෙන් ලද ප්‍රේමය අගට
තව ශත වර්ෂ ගණනක් එක් කර
මා වෙනුවෙන් ගැහෙන ඔය ආදරනීය හදවතට
මගේ සුවඳින් යලි යලිත් ජීවය දෙන්නට..."

We traveled a lot, looking for a better place...
without knowing that the Best place is by your side....

~සොඳුරු හයසින්ත් මල වෙනුවන් Twinkle~

Written By : Twinkle_Grl ♥️

මට කියන්න වචන නෑ.... ආදරෙයි තරුවෝ....
ජීවිතේ ලොකුම සතුට තමයි ඔයාලා වගේ මන් ලියන වචන වලට ආදරේ කරන අය මුණ ගැහුණ එක...
ගොඩක් ලබ් යූ පැංචො 😘

ගොඩක් ලබ් යූ පැංචො 😘

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ] Where stories live. Discover now