ජන්ග්කුක් හිටියෙ කාමරේ බැල්කනි එකට වෙලා ඈත පේන විල දිහා බලාගෙන. ජන්ග්කුක්ගේ හිත හෙලවෙලා එයා අතරමන් වෙලා හිටියෙ. ඒත් එක්කම කාමරේ දොර ඇරුණා. ජන්ග්කුක්ට ඒකවත් ඇහුණේ නැති තරම්...
"ජන්ග්කුකී...." ජිමින් කතා කලා. ඒත් ජන්ග්කුක්ට නම් ඇහුණේ නැති පාටයි. ජිමින් හෙමින් ඇවිදගෙන ජන්ග්කුක් ළඟට ගියා.
"කුකී...." ජිමින් කතා කලේ බැල්කනි කවුලුවට හේත්තුවෙලා අත්දෙකත් පපුව හරහා බැඳගෙන ඈත දුර බලන් ඉන්න ජන්ග්කුක්ගේ උරහිසකට අනින ගමන්. ජිමින්ගේ ස්පර්ශයත් කටහඬත් එක්ක ජන්ග්කුක් ගැස්සුනා. එයාගෙ හදවත ගැහෙන වේගය නැවතත් වේගවත් වෙනකොට බර හුස්මවල් කීපයකට පස්සේ ජන්ග්කුක් කෙමෙන් සන්සුන් වුණා.
"ජන්ග්කුකි ඔයා කිස් එක ගැන නම් කල්පනා කරන්නේ..." ජිමින් එහෙම කියනවත් එක්කම ජන්ග්කුක්ට ආපහු බැලුනේ ජිමින්ගේ මාෂ්මෙලෝස් වගේ ලිප්ස් දිහා. ජිමින් කිව්ව දේ ජන්ග්කුක්ට ඇහුනෙ නෑ.
"හහ්හ්....???" ජන්ග්කුක් ජිමින්ගෙන් ඇස් ඉවතට අරන් ආපහු ඇහුවා.
"ඉට්ස් ජස්ට් අ ෆ්‍රෙන්ඩ්ශිප් තින්ග්... ජියෝන්!" ජිමින් ආපහු කියනකොට ජන්ග්කුක් ඈත අහස දිහාවට හිස් බැල්මක් යොමු කලා.
"අහ්... ඕකේ. ඉට්ස් ඕල් රයිට්..." සුසුමක් හෙලන ගමන් කිව්ව ජන්ග්කුක් හිත සැහැල්ලු කරගත්තා.
"කන්න එන්න ජියොන්, කෑම සීතල වෙනවා. අද මාම් එන්නත් ලේට් වෙනව කිව්වා. ඉක්මන්ට එන්න පාඩම් කරන්න පරක්කු වෙනව." ජිමින් කියන ගමන් දොර වහගෙන එළියට ගියා.
ජිමින් හිටියේ වොශ් අප් වෙලා. ජන්ග්කුක් වොශ් රුම් එකට ගිහින් වැඩිවෙලා ගන්නැතුව වොශ් අප් වෙලා කෑම මේසෙන් වාඩි වුණා. රාත්‍රී 7.30 වනවිට වේලාසනින්ම රාත්‍රී ආහාරය ගෙන අවසන් වුණ ජන්ග්කුක් ජිමින් දෙදෙනාම පුස්තකාලයේ අධ්‍යයන කාමරයට පිටත් වුණා. ජිමින් ඉස්සර වෙනවත් එක්කම ජන්ග්කුක් ඒ පිටිපස්සෙන් මැදමිදුල මතින් තිබ්බ කෙටිපාරෙන් ගමන් කලා.
ඒත් ජන්ග්කුක් එකපාරටම නතර වුණා. ජන්ග්කුක්ට අමතක වෙලා තිබ්බ දෙයක් මතක් වුණා. එදා මෙතන පහු කරන් යනකොට දැණුන සුපුරුදු සුවඳ........ ජන්ග්කුක්ට අදත් එය දැනෙමින් තිබුණා.
![](https://img.wattpad.com/cover/300795886-288-k488690.jpg)
YOU ARE READING
𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ]
RomanceIn your sillage, melancholy of my soul finds solace. The way it has embraced my soul, I inhale every ounce of it. And it seems to be an elixir, that vanishes all my pain. ...