06. අලුත් නවාතැන

486 193 27
                                    

"මිමී කවුද ඇවිත් තියෙන්නෙ බලන්න....." ඩෝ බෙල් එක රින්ග් වෙන ශබ්දයට මිසිස් පාර්ක් ජිමින්ට කතා කලා. ජිමින් හිතේ සතුටත් ඉදිරි දවස් කිහිපය ගැන කුතුහලයෙනුත් ගිහින් පාර්ක් මන්දිරයේ ප්‍රධාන දොරටුව විවර කලා. ඒත් ජිමින් දැක්කේ එයා මවාගෙන හිටපු සුන්දර දර්ශනය නම් නෙවෙයි. එතන හිටියෙ ජන්ග්කුක්ව වටකරගත්තු ජැකී, සෑම් වගේම ඩෙරික්. එයාලා හිටියේ ජන්ග්කුක්ගේ බෑග්ස් එල්ලගෙන ජන්ග්කුක්වත් මැදි කරගෙන.

"ජ්...ජන්ග්කුකී මේ මොකද..." ජිමින් ඇහුවෙ ඇත්තටම බයවෙලා...

"අහ්හ්... මිනී... මුන් මාව ඇරලවන්න ආවා... එයාලා දැන් යන්නයි හදන්නේ..." අමාරුවෙන් හිනාවක් මවාගත්ත ජන්ග්කුක් තුන් කට්ටුව දිහා බලල හිනා උනෙ මාරාන්තික බැල්මක් දාලා. ඒත් එක්කම අත් වල තිබ්බ බෑග්ස් ඔක්කොම ඇදල ගත්ත ජන්ග්කුක් ඉස්සරහට අඩිය තියනවත් එක්කම එයාගෙ සහචරයොත් එයා පසුපසින් ඇදෙන්න ගත්තා. ජන්ග්කුක් ළඟට ළං වුණ සෑම් ජන්ග්කුක්ගේ කනට යමක් මිමිණුවා.

"ඒයි ජන්ග්කුකා... එකම එක පාරක් ඇතුලට ගන්නවකෝ.... අපිට ප්‍රොෆෙස පාර්ක්ගේ මැන්ශන් එකට ඇහැ දාන්න විතරයි ඕනේ..." සෑම් මුමුණනකොට ජන්ග්කුක් අමාරුවෙන් හිනාවුණා.

"මිනී... ඔයා ඇතුලට යන්න මන් මෙයාලව පිටත් කරලා එන්නම්..." ජිමින්ට හිනාවකින් සංග්‍රහ කරපු ජන්ග්කුක් කිව්ව. ජිමින් ඇතුලට යනවත් එක්කම බෑග්ස් ටිකත් බිම අත ඇරපු ජන්ග්කුක් තුන් දෙනා ළඟට ගිහින් ඔලු තුනම එකට වදින විදියට තල්ලු කලේ තුන් දෙනාටම දවල් තරු පේනකොට ඒත් එක්කම තමන්ගෙ බැක්පැක් එකත්, ලැප්ටොප් බෑග් එකත්, ට්‍රැවලින් බෑග් එකත් අතට ගත්ත ජන්ග්කුක් පාර්ක් මන්දිරය ඇතුලට ඇවිත් දොර වහල ලොක් කලා. මන්දිරය දිහා ටික වෙලාවක් පෙරේතයෝ තුන් දෙනෙක් වගේ බලාගෙන හිටපු ජන්ග්කුක්ගේ අතිජාත මිත්‍රයෝ තුන්දෙනා ආපහු හැරිලා යනවා දැක්කම ජන්ග්කුක් කටකොනින් හිනා උනේ මිසිස් පාර්ක් ඉස්සරහා තමන්ගේ ජාමෙ බේරගත්ත එකේ සතුටට.

"දෙවියනේ ජන්ග්කුක් ඔයා ඇවිල්ලා... මට කාමරේ අස් කරන්නත් බැරිවුනා. මිනී කිව්වට මොකද මන් අද දවසම බිසි උනානෙ දරුවෝ..." මිසිස් පාර්ක් කලබලයෙන් කතා කරනකොට ජන්ග්කුක් මෝඩ හිනාවකින් මිසිස් පාර්ක්ට සංග්‍රහ කලා.

𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ] Where stories live. Discover now