12. දිගු දවස සහ වේදනාව

482 186 36
                                    

ජන්ග්කුක් හිටියේ මන්දිරයේ පහල වත්තේ ගහක් බදාගෙන හැමදාම වගේ එපාවුණු මූණක් හදාගෙන. හේතුව දැනගත්තොත් පුදුම වෙයි.

ජිමින් හිටියේ සෑම්, ජැකී, ඩෙරික් තුන්දෙනා එක්ක හරි හරියට හිනාවෙන ගමන්. එයාලා එකතුවෙලා දවල් කෑම වේලෙන් පස්සෙ ජිමින්ගෙ මල් වත්තේ අලුතෙන් මල් පැල දහයකට වඩා හිටෙව්වා. ජිමින්ටවත් අනිත් තුන්දෙනටවත් ජන්ග්කුක් ගැන වගක්වත් තිබ්බෙ නෑ. කොටින්ම කිව්වොත් ජන්ග්කුක් ගැන එයාලගේ මතකයෙ තිබ්බේ කෑම මේසයේදි ජිමින් එයාගෙ මල් වත්ත ගැන කියනකල් විතරයි.

හැබැයි හොඳම වැඩේ කියන්නේ ඒ හැම මල් පැලයකටම වලවල් හදන්න වුණේ අපේ වැදගත් ජියොන් ජන්ග්කුක් මහත්මයාට. ඉතින් දැන් ජන්ග්කුක් ගහක් බදාගෙන ඉන්න හේතුව තමයි ඒ මහන්සියේ ප්‍රතිඵල සහ මෙච්චර මහන්සි වැඩක් කරලත් එයාව ගණන් නොගැනීම. ජන්ග්කුක් කිසිම දවසක ගෙදරදි පුටුවක් උස්සන තරමේ වැඩක්වත් කලේ නෑ. ඒ උනාට ජන්ග්කුක්ට බැරි වැඩක් තිබුණෙත් නෑ. ජන්ග්කුක් කරන හැම දෙයක් දිහාම අවධානයෙන් බලන් ඉන්න ඇස් දෙකක් තිබුණා වුණත් ජන්ග්කුක් ඒ ගැන දැනුවත් වුණේ නෑ.

වත්ත පහල සංචාරයෙන් පස්සෙ අතපය සෝදගත්ත පස් දෙනාම වාඩි වුණේ ජන්ග්කුක්ගේ සහයෙන් නැනී ප්‍රධාන බැල්කනි එකේ සකස් කරලා තිබුණ හවස තේ මේසයට. බිස්කට්ස්, ස්නැක්ස්, පේස්ට්‍රීස් පිස්සුවෙන් වගේ ගිලින එයාගෙ යාලුවෝ දිහා ජන්ග්කුක් බලාගෙන හිටියේ ඇස් දෙක ලොකු කරගෙන. බිම ගන්න දෙයක් නැතිවෙන තරමට එක එක වර්ගයේ කුඩු වලින් බිම අපිරිසිදු වෙලා තිබුණා.

"Oh God Jackie... What the f*ck are you doing....!!!" තත්පරයට නැගිටපු ජන්ග්කුක් කෑ ගැහුවෙ ෆ්ලාස්ක් එකෙන් මේසේ පුරාමත් බිම පුරාමත් තේ ඉහිරවපු ජැකීගෙ අතින් ෆ්ලාස්ක් එක උදුරගන්න ගමන්. තේ මේසය එක විකාරයක් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ටිෂූ එකකින් ඇඳුමේ තෙමුණ තැන් පිහදගත්ට ජැකී ජිමින්ගෙන් සමාව ගත්තා.

තවත් පැය බාගයක පමණ කෙටි පිලිසඳරකට පසුව සෑම්, ඩෙරික්, ජැකී තුන්කට්ටුව පිටත්වීමට පාර්ක් මන්දිරයෙ දොරෙන් එළියට බැස්සා. ජිමින්ට සතුටින් සිනාවකින් සමුදුන්න තිදෙනාම යතුරු පැදිවල නැගී පිටත්ව ගියා. ජිමින් ජන්ග්කුක්ට කතා කරන්න හිතාගෙන ඇතුළට ආවා වුණත් ඒ වෙනකොට ජන්ග්කුක් හිටපු තැන හිටියේ නැහැ. ජිමින් එහෙමම තමන්ගේ කාමරයට ගියේ ජන්ග්කුක්ගේ කාමරයේ දොර වහලා තිබුණ නිසා.

𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ] Where stories live. Discover now