05. අඬන ජන් ජන්

529 190 64
                                    

ජිමිනිම තනියෙන් නම් කරගත්ත එයාගෙ සැපපහසු ඩිවයින් චෙයා එකෙන් වාඩි වුණ ජන්ග්කුක්, ජිමින් පුස්තකාලය ඇතුලේ තිබ්බ කබඩ් එකකින් CD Box එකක් අරන් එන විදිය බලාගෙන හිටියා. පුස්තකාලයේ පුංචි ගිනි උඳුනට වම් පසින් වෙන්න තිබ්බ රූපවාහිනීයට, CD එක ඇතුල් කරපු laptop එක සම්බන්ධ කරපු ජිමින් ඉක්මනින් ජන්ග්කුක්ගේ එහා පැත්තෙන් ඇවිත් වාඩි වුණා.

"ජන්ග්කුකී... අපි නෝවා කැල්හෝන් ඇන්ඩ් ඇලි හැමිල්ටන් මීට් වෙන්නයි යන්නේ..... " ජන්ග්කුක්ගේ අත අල්ලගෙන ජිමින් හිනාවෙවීම මිමිණුවා...

"ඕඕඕ..... ඉන්ට්‍රස්ටින්ග්...." ජිමින් හිනාවෙන අතරේ රූපවාහිනියට ඇස් දල්වගෙනම ජන්ග්කුක් මිමිණුවා.

විනාඩි පැය ගත වෙමින් තිබුණා. නෝවා හා ඇලීගේ සිප ගැනීම් ජන්ග්කුක්ව රතු කරන්න සමත් වෙලා තිබුණා. ඔවුන්ගේ පළමු රාත්‍රියත් පලමු වෙන්වීමත් ජන්ග්කුක්ගේ දෑස් වල වේදානාවක සේයාවක් සටහන් කරන්න සමත් වෙලා තිබුණා. අවසනදී ඔවුන්ගේ හමුවීමත්, ඇලීගේ මවගේ වේදනාත්මක පාපොච්ඡාරණයත්, කතාව කියවා අවසානයේදී මිසිස් ඇලී කැල්හෝන් තමන්ගේ ස්වාමිපුරුෂයා හඳුනා ගැනීමත් ජන්ග්කුක්ගේ දෑස් වල කඳුළු පුරවන්න සමත් වෙලා තිබුණා. කතාවේ අන්තිම මොහොතේදී ඔවුන්ගේ සැඳෑ සමය අවසානයේදී දෙදෙනාට දෙදෙනා වැළඳගෙන මෙලොව හැරගොස් තිබීම ජන්ග්කුක්ව මහ හයියෙන් හැඬවීමට සමත් වෙලා තිබුණා. ඇත්තට ජිමින් හිතුවට වඩා ජන්ග්කුක් ගොඩක් සොෆ්ට් මනුස්සයෙක්. මදාවි ජන්ග්කුක් හොටු පෙරාගෙන නහය උඩට ඇද ඇද අඬන හැටි දැක්කම ජිමින්ගේ මූණේ සියුම් හිනාවක් මැවුණේ නිරායාසයෙන්.

"ඒක හරිම සෑඩ් හැපි එන්ඩින් එකක් මිනී.... අම් ගොන්න ලව් දිස් ෆෝරෙව'.... තැන්ක් යූ සෝ මච්...." ජන්ග්කුක් හදවතින්ම ජිමින්ට ස්තුතිවන්ත වුණා විතරක් නෙවෙයි ජන්ග්කුක්ගේ ජීවිතයේ විශාල ඉඩක් ගන්න ඒ කතාවටත් පුළුවන් වුණා.

-----------------------♥️-------------------------

ළමයිනේ ඇත්තටම කියන්න ඕනේ ඔයාලා 16 ට වැඩියි නම් අනිවාර්යයෙන් The Notebook Movie එක බලන්න කියලා මම ආරාධනා කරනවා. මම ඒ කතාව බලල සතියක් යන්නත් කලින් ජිමින් weverse හරහා මේ Movie එක ගැන පුංචි සටහනක් තියලා තියෙනවා දැක්කම මට ගොඩක් සතුටු හිතුණා. එයා කියලා තිබ්බෙ හත්වෙනි වතාවටත් බැලුවා කියලා. ජිමින්ගේ ටේස්ට් එක ගැන ප්‍රෙහෙලිකාවක් නෑ. ඇත්තටම ඒක හත් වතාවක් බැලුවත් පාඩුවක් නැති කතාවක්.

ජීවිතේ කියන්නෙ සුරංගනා කතාවක් නෙවෙයි කියලා 171536181වෙනි වතාවටත් ඒ කතාව මට තේරුම් කරලා දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජීවිතේ කියන්නෙ සුරංගනා කතාවක් නෙවෙයි කියලා 171536181වෙනි වතාවටත් ඒ කතාව මට තේරුම් කරලා දුන්නා. පැය දෙකක් පුරාවට දිවෙන මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් ඒත් යතාර්ථවාදී කතාවක්.

ඉතින් අනිවාර්යයෙන් Notebook Movie එක බලන්න. බලලා අදහසක් කියාගෙන යන්න ඇවිත්. Online බලන්න link එක මන් ළඟ තියෙනවා. ඕනෙ නම් ඉල්ලගන්න.

ස්තූතියි!

------------------------♥️------------------------

ජන්ග්කුක් හිටියේ ජිමින්ගේ නිවසින් පිටවෙන්න එළියට ඇවිත්. ජන්ග්කුක්ගේ පිටිපස්සෙන් ආව ජිමින් ජන්ග්කුක්ගේ අතෙන් අල්ලගත්තා.

"ජන්ග්කුකී... හෙ..හෙට ඔයා...." ජිමින් මුණු මුණු ගාන්න වුණා.

"ඔව් මිනී මන් හෙට හවස ඉඳලා මෙහෙ නවතින්න එනවා...." හිනාවක් මූණේ පුරවන් ජන්ග්කුක් ජිමින්ගේ කතාව සම්පූර්ණ කලා.

ජිමින් හරි ලස්සනට හිනාවෙනකොට ෆ්ලයින් කිස් එකක් ජිමින් දිහාවට පා කරපු ජන්ග්කුක් ජිමින් බලන් ඉද්දිම් එයාගෙ යතුරුපැදියේ නැඟිලා යන්න ගියා...

ජිමින් එහෙමම දිව්වේ උඩ තට්ටුවේ එයාගෙ කාමරයට අල්ලපු කාමරයේ යතුරත් හොයාගෙන. මිසිස් පාර්ක් ගෙදර නොසිටි නිසාවෙන් ජිමින් තනියෙන්ම ජන්ග්කුක් ආසම පාට ඇතිරිලි හා උර වලින් ඒ කාමරයේ ඇඳ සැරසුවා. දවස් කීපයකට කලින් නැනී මුළු ගෙදරම අස් කරලා තිබ්බ නිසා ජිමින්ට ලොකු මහන්සියක් වෙන්න වුණේ නෑ. කාමරය අතු ගාලා පිලිවෙලක් කරපු ජිමින් කාමරයෙන් එළියට ආවෙ ලොකු හිනාවකින් මූණ පුරවගෙන....

මතු සම්බන්ධයි!
.
.
.

A/N
මම මේක ලිව්වෙ නෝවා කැල්හෝන් ඇන්ඩ් ඇලී හැමිල්ටන් ගැන අහපු අය වෙනුවෙන්. හවසට තව කොටසක් අරන් එන්නම්. ලබ් යූ...!

𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ] Where stories live. Discover now