13. මිසිස් පාර්ක් නිසා

454 176 26
                                    

තමන්ගේ mobile Phone එක නොනවත්වාම දෙතුන් වතාවක් නාදවුණ නිසාම ජන්ග්කුක් ඇමතුමට සම්බන්ධ වුණේ අලසකමින්.

"හෙලෝ....!"

"ඔහ් හෙලෝ... ජන්ග්කුකී දරුවෝ.... අන්තිමට ඔයා ආන්ස්ව' කලා."

"ඔහ් මිසිස් පාර්ක්, මේ රෑ වෙලා ? ඇයි අද එන්නෙ නැද්ද...?

"මේ අහන්න දරුවෝ. සෝල් යුනිවසිටි එකේ මේ දවස් ටිකේම එක දිගට මීටින්ග්ස්. එයාල ස්ටාෆ් එකේ චේන්ජස් වගයක් කරන්න හදන්නෙ. ඉතින් එයාලා කියන විදියට මට මෙ සතිය එයාලා වෙනුවෙන් වෙන් කරන්න වෙනවා. මම මේ ඔයාට කියන්න කතා කලේ..."

"ඒත් මිසිස් පාර්ක් එතකොට කවුද අපිට English උගන්වන්නේ.... අපිට තව සති තුනයිනෙ තියෙන්නෙ..." මිසිස් පාර්ක්ගෙ කතාවට බාධා කරපු ජන්ග්කුක් කතා කලා. එයාගෙ කටහඬ කනස්සල්ලෙන් පිරිලා

"මම දන්නවා. ඒත් මම වෙනුවට ඔයාලට බ්‍රිටිෂ් ලේඩි ස්ටෙලා(එයාව කොලේජ් එකේ ළමයි වගේම ස්ටාෆ් එක හඳුන්වන්නෙ ඒ නමින්) උගන්වන්න එයි. මම ඒවා සෙට්ල් කලා. මට ඔයාට කියන්න ඕනෙ වුනේ දරුවො මිමී ගැන...."

"ජ්..ජිමින් ගැන...??? ඒ මොකක්ද මිසිස් පාර්ක්?"

"මේ වීක් එකට විතරක් මිමීව බලාගන්න ඔයාට පුලුවන් නේද...? මන් කිව්වෙ එක්කන් එන්න, එක්කන් යන්න. හවසට නම් එයා ගොඩක් වෙලාවට ඔයා එක්කමනෙ එන්නෙ. උදේටත් පුලුවන් නේද දරුවෝ? දවල් වරුව නම් නැනී ඉන්න නිසා ප්‍රශ්නයක් නෑ" මිසිස් පාර්ක් ඇහුවෙ බලාපොරොත්තු සහගත කටහඬකින්.

"ඕක මොකක්ද මිසිස් පාර්ක්. මම කරන්නම්. ඒත් එතකොට හෙට ඉරිදා වෙලත් මිසිස් පාර්ක් වැඩද?" ජන්ග්කුක් උත්තර දුන්න වුණත් හිත කලබල වෙලා.

"ඔව් දරුවෝ එයාලා කියන දේ කරන්න එපෙයිනේ. හරි එහෙනම්. මිමී එක්ක පරිස්සමෙන් ඉන්න. මම මිමීටත් කෝල් එකක් ගන්නම්. එහෙනම් good night! God bless you!"

"Ok, Good Night! God bless you too මිසිස් පාර්ක්...!

ඇමතුම විසන්ධි කලාට පස්සෙ ජන්ග්කුක් කල්පනාවට වැටුනා. එයා කල්පනා කලේ ගෙදරින් යන්න. ඒත් දැන් වෙලා තියෙන්නෙ ජිමින්ව බලාගන්න.
ඒත් එක්කම නැවත ඇමතුමක් ආව නිසා ජන්ග්කුක් ඇමතුමට සම්බන්ධ වුණා.

𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ] Where stories live. Discover now