15. සැකය

490 183 41
                                    

ජන්ග්කුක් බොක්සින් ජර්සි එක ගලවල දාලා වෙට් ටවල් එකෙන් පිහදගන්න ගමන් ලොකර් එක ඇරියේ ඇඳුම් ටික ගන්න. ඒත් එතන තිබුණ දෙයින් ජන්ග්කුක්ගේ ඇස් දෙක ලොකු පුදුමයකින් විසල් වුණා. දවසක් හැර දවසක් ලියුම ලැබෙන බව දන්නව වුණත් ජන්ග්කුක් බලාපොරොත්තුවෙන් හිටියෙ හෙට ටේබල් ලොකර් එකෙන් ලියුම මතු වෙන එක.

...............................................

ජිමින් ගියාට පස්සෙ ජන්ග්කුක් ආපහු කල්පනාවට වැටුණා. අද ලියුමේ සඳහන් විදියට ඒ කෙනා තමන්ගේ සමීපතමයෙක් කියල ජන්ග්කුක් තේරුම් ගත්තා. තමන්ගේ ශරීර වර්ණනාව, කැලැල් හා ලප පිළිබඳව තිබුණ මතකය (විශේෂඥ 🌚), ඒ වගේම තමන්ගේ සුවඳත් හරියටම ලියුමේ අයිතිකාරයා අඳුරන එක ජන්ග්කුක්ට ලොකු ප්‍රෙහෙලිකාවක් වුණා.

"ජ්...ජිමින්...." ජන්ග්කුක්ගේ ඔලුවට මේ වෙලාවෙ ආව එකම කෙනා ජිමින් වුණා. හයසින්ත් සුවඳ, පලමු හාදුව, අඩ නිරුවත වර්ණනා කරපු විදිය, තමන් ගැන අයිතිවාසිකම් කියන විදිය මේ හැම දෙයක්ම ජන්ග්කුක්ට එක පෙලට සිහිවෙන ගත්තා. ජන්ග්කුක් ඒත් එක්කම පුංචි දෙයක් මතක් වුණ නිසා ඉක්මනින් වොශ් දාගෙන එළියට ගියේ ජිමින්ව හොයාගෙන.

"ජිමිනී.... ඔයා වැඩක්ද....?" ජන්ග්කුක් ඇහුවෙ ජිමින්ගේ කාමරේට ඔලුව දාන ගමන්.

" ඔව්ව් වැඩක්... ඇයි ආවෙ කියනවාවාවා...." ජිමින් හයියෙන් කෑ ගැහුවා.

"මයි ස්වීට් ඒන්ජල්.... මට ඔයාගෙ ඉංග්ලිශ් රයිටින් බුක් එක දෙන්න..." ජිමින්ගේ ඔලුව උඩින් මේසයට බර වෙන ගමන් ජන්ග්කුක් මිමිණුවා.

" ජිමින්ගේ ඔලුව උඩින් මේසයට බර වෙන ගමන් ජන්ග්කුක් මිමිණුවා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

"ජ්...ජියෝන් කොපි කරගන්න එක නරක පුරුද්දක්..." ජිමින් ඇහෙන නෑහෙන ගානට කිව්වේ ජන්ග්කුක් ළඟම හිටිය නිසා.

𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ] Où les histoires vivent. Découvrez maintenant