08. රෆ් සෙෂන්

513 194 34
                                    

"හ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හ්..හයසින්ත් මල්....? එ..එතකොට ඒ සුවඳ හයසින්ත් මල් වලද..." ජන්ග්කුක් තමන්ටම මුමුණ ගත්තේ ලොකු පුදුමයකින්.

(හසින්ත් මල් කියන්නෙ දකින්න සුලභ මල් වර්ගයක් නෙවෙයි. ඉඳ හිටක දකින්න පුලුවන් වුණත් සුවඳ බලන්න තරම් ළන් වෙන්න පුළුවන් තැන් වල තියෙයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ. හොඳම වර්ගයේ සුවඳ දෙන හයසින්ත් කියන්නෙ සමාන්‍යයෙන් මිල ටිකක් ඉහල මල් වර්ගයක්. දකුණු කොරියාවෙත් ඉඳ හිටක දකින්න පුළුවන් වුනත් ජන්ග්කුක් කවදාවත් හයසින්ත් මල් වල සුවඳ මොන වගේද කියලා දැනගෙන හිටියේ නෑ. එයා දන්නේ මල මොන වගේද කියලා විතරයි. හැබැයි ජන්ග්කුක් මතකයි එයාගේ අම්මා පොඩි කාලේ එයාට කියලා තියෙනවා හයසින්ත් මල් ගොඩක් සුවඳයි වගේම එයාගෙ අම්මාගේ ආසම මල කියලා.)

ජන්ග්කුක් යාන්තමින් පරවුණු මල් පොකුර වාස් එකෙන් අතට ගන්න හදනවත් එක්කම පිටුපසින් ඇහුණු කටහඬින් තිගැස්සුනා.

"ඕක අතට ගත්තොත් මල් ටික හැලෙයි කුකී.... ඒක දැන් පරවෙලා" ඇඳේ වම්පසට හැරිලා නිදිබර හඬකින් ජිමින් මිමිණුවේ ජිමින්ගේ මේසය ළඟ හිටගෙන හිටපු ජන්කුක්ට. ආපහු එතනින් අත ගත්ත ජන්ග්කුක් හිනාවෙලා ජිමින් ළඟට ඇවිත් ඔලුව අතගාලා ඩුවට් එකෙන් ආපහු ජිමින්ව හරියට වහලා දොරත් වහගෙන එළියට ආවා. ඒත් මේ වෙනකොට ජන්ග්කුක්ගේ හිත ලොකු සැකයකින් පිරිලා තිබ්බා.

ජන්ග්කුක් නැවතත් පුස්තකාලයට ඇවිත් එයාගෙ පොත් ටිකත් අරන් ලයිට්ස් ඔක්කොම නිවලා දොරත් වහලා එයාගේ කාමරයට ඇවිත් ඇඳට වැටුණා. එයාට ඕන වෙලා තිබුණේ ජිමින්ගෙන් මේ ගැන කෙලින්ම ප්‍රශ්න කරන්න වුණත් ජන්ග්කුක් ඒ ගැන බය වුණා. ජන්ග්කුක් ඒ ගැනම සිතමින් නින්දට වැටුණේ හෙට උදේට ජිමින්ගෙන් මේ ගැන පොඩි දෙයක් හරි දැනගන්න ඕනේ කියලා හිතන ගමන්.

𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ] Where stories live. Discover now